නබි වදන් ලැයිස්තුව

“අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පාවහන් පැළඳීමේ දී ද හිසකෙස් සැකසීමේ දී ද පිරිසිදු කිරීමේ දී ද එතුමාණන්ගේ සෙසු සියලු කටයුතු වල දී ද එතුමාණෝ දකුණත ප්‍රිය කරන්නෙකු වූහ.”
عربي الإنجليزية الأوردية
මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් රකආත් දහයක් හැදෑරුවෙමි
عربي الإنجليزية الأوردية
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් රාත්‍රියේ අවදි වූ විට තම මුඛය මිස්වාක් දැහැටියෙන් හොඳින් මැද පිරිසිදු කර ගනියි
عربي الإنجليزية الأوردية
“නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත. ළඟා වී ඇති නපුරින් අරාබිවරුන්ට විනාශය අත් වේ. යඃජූජ් මඃජූජ් හිර කර ඇති බාධකය
عربي الإنجليزية الأوردية
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ගමනක නිරත වී සිටියහ. එබැවින් ඉෂා සලාතය ප්රමාද වී ඉටු කළහ. රකආත් දෙකින් එකක ‘වත්තීනි වස්සෙයිතූන්’ යන සූරාව පාරායනය කළහ. ඔහුට වඩා පාරායනයෙන් හා කට හඬින් අලංකාර කිසිවකුට මා සවන් දී නැත.
عربي الإنجليزية الأوردية
“සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සලාතය ඉටු කළ විට තම කිහිලි දෙකෙහි පැහැය පෙනෙන තරමට තම් අත් දෙක අතර හිඩැස් තබන්නෙකු වූහ.”
عربي الإنجليزية الأوردية
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පා ගමනින් හා වාහනිකව කුබා දේවස්ථානය වෙත ගොස් එහි රකආත් දෙකක් සලාත් ඉටු කරන්නෙකු වූහ.
عربي الإنجليزية الأوردية
“අල්ලාහ්ගේ දූතයාණන් සමග එක්ව එකම භාජනයෙන් මම ස්නානය කරන්නෙකු වූයෙමි. අප දෙදෙනාම (ස්නානය අනිවාර්යය වූ) ජුනුබ් තත්ත්වයේ පසුවූයෙමු. එතුමා මට නියෝග කළ පරිදි මම වසා ගත්තෙමි. පසුව මම ඔසප් තත්ත්වයේ සිටියදීම මා සමග එතුමා පහස වින්දහ
عربي الإنجليزية الأوردية
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා රාත්රිය ආරම්භයේ නිදා ගෙන, එහි අවසානයේ අවදි වී සලාතය ඉටු කරන්නෙකු වූහ.
عربي الإنجليزية الأوردية
අල්ලාහ්ගේ දූතයාණන්හට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) යම් වේදනාවක් හෝ වෙනත් යම් හේතුවක් මත රාත්රී සලාතය අතපසු වූ විට එතුමා දහවල් කාලයේ රකආත් දොළහක් ඉටු කරන්නෙකු වූහ.
عربي الإنجليزية الأوردية
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මිනී වළක් මත එය වළ දමනු ලැබූ පසු සලාත් ඉටු කරමින් ඒ මත තක්බීර් හතරක් පවසන්නෙකු වූහ.
عربي الإنجليزية الأوردية
ජුමුආ දින ෆජ්ර් සලාතයේදී අලිෆ්, ලාම්, මීම් තන්සීල් නම් සජදා පරිච්ඡේදයත් හල් අතා අලල් ඉන්සාන් නම් පරිච්ඡේදයත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පාරායනය කරන්නෙකු වූහ.
عربي الإنجليزية الأوردية
අල්ලාහ්ගේ දූතයාණන්ගේ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- දකුණත පිරිසිදු දෑ හා ආහාර අනුභව සඳහා විය. වමත එතුමා වැසිකිලි කැසිකිලි අවශ්යතා සඳහා හා ඒ හැර වෙනත් අපිරිසිදු දෑ සඳහා විය.
عربي الإنجليزية الأوردية
අල්ලාහ්ගේ දූතයාණෝ වැසිකිලියට පිවිසුණහ. එවිට මම මා මෙන් තවත් කොළු ගැටයෙකු සමග ජල බඳුනක් හා රිටක් උසුලා ගෙන සිටියෙමි. පසුව එතුමාණෝ ජලයෙන් පිරිසිදු කර ගත්හ
عربي الإنجليزية الأوردية
හුදෙය්පා ඉබ්නු යමාන් රළියල්ලාහු අන්හු මෙසේ ප්රකාශ කරයි මා දවසක් නබි තුමානන් සමග තහජ්ජුද් සලාතය ඉටු කළෙමි ඒම වාතාවරණයේ නබි තුමා සූව්රා බකරාව අංග සම්පූර්ණව පළමු රකඅතයේ පාරායනා කළේය
عربي الإنجليزية الأوردية
ඉඳි කෝටුවක් විය. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඒ මත වූහ. -එනම් කුත්බා දේශනයේදීය- මින්බර් මත එතුමා තබන කල්හි, ගැබ්බරවූ ඔටු දෙනකුගේ හඬට සමාන ඉඳි කෝටුවේ හඬට අපි සවන් දුනිමු. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පහළට බැස ඒ මත එතුමා තම අත තැබූහ. එවිට එය සන්සුන් විය.
عربي الإنجليزية الأوردية
මම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා සමග සලාත් ඉටු කරන්නෙකු වීමි. එතුමාගේ සලාතය මධ්යස්ථ විය. එමෙන්ම එතුමාගේ දේශනාව ද මධ්යස්ථ විය.
عربي الإنجليزية الأوردية
මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පවුලේ අය එක් දිනක දෙවරක් ආහාර ගත්තේ නැත, එසේ ගෙන තිබුණත් දෙවේලෙන් එකක් රටඉඳි වලින් විය
عربي الإنجليزية الأوردية
මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ පවුලේ උදවිය මදීනාවට ආ දා පටන් එතුමාණන්ව අල්ලාහ් අත්පත් කර ගන්නා තෙක් අඛණ්ඩ ව රාත්‍රීන් තුනක් එක දිගට බඩ පුරවා ගෙන නැත
عربي الإنجليزية الأوردية
අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඇඳ ඉඳි කෙඳි වලින් පිර වූ සමකින් සාදන ලද්දක් විය
عربي الإنجليزية الأوردية
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මරණයට පත් වූ අවස්ථාවේ දී එතුමාණෙන්ගේ සුදු ඔටුවා, එතුමාණන්ගේ ආයුධ සහ පුණ්‍යාධාරයක් ලෙස නියම කළ භූමි කොටසක් හැර කිසිදු රිදී කාසියක් හෝ රන් කාසියක් හෝ වහලෙකු හෝ වහලියක හෝ කිසිවක් ඉතිරි කර හැරදමා ගියේ නැත
عربي الإنجليزية الأوردية
සැබැවින්ම මම ශාප කරන්නෙකු ලෙස කිසිවිටෙකත් එවනු ලැබුවේ නැත. සැබැවින්ම මම එවනු ලැබුවේ දයාවක් ලෙසිනි
عربي الإنجليزية الأوردية
එහෙයින් කවරෙකු මාගේ පිළිවෙත ප්‍රතික්ෂේප කරන්නේ ද ඔහු මගෙන් කෙනෙකු නො වන්නේය.’
عربي الإنجليزية الأوردية