عن عائشة رضي الله عنها قالت: "كَانَت يَدُ رسُولِ الله -صلَّى الله عليه وسلَّم- اليُمنَى لِطُهُورِهِ وطَعَامِهِ، وكَانَت اليُسْرَى لِخَلاَئِهِ، ومَا كَانَ مِنْ أَذَى". عن حفصة رضي الله عنها "أَنَّ رَسُولَ الله -صلَّى الله عليه وسلَّم- كَانَ يَجْعَلُ يَمِينَهُ لِطَعَامِهِ وَشَرَابِهِ وَثِيَابِهِ، وَيَجْعَلُ يَسَارَهُ لِمَا سِوَى ذَلِك".
[الحديثان صحيحان] - [الحديث الأول: رواه أبو داود وأحمد. الحديث الثاني: رواه أبو داود وأحمد]
المزيــد ...

ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය විසින් වාර්තා කරන ලදී. "අල්ලාහ්ගේ දූතයාණන්ගේ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- දකුණත පිරිසිදු දෑ හා ආහාර අනුභව සඳහා විය. වමත එතුමා වැසිකිලි කැසිකිලි අවශ්යතා සඳහා හා ඒ හැර වෙනත් අපිරිසිදු දෑ සඳහා විය." හෆ්සා -රළියල්ලාහු අන්හා- තුමිය විසින් වාර්තා කරන ලදී. "සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණෝ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා තම දකුණත තම ආහාරය, තම පානය හා තම ඇඳුම් ඇඳීම සඳහා භාවිත කරන්නෙකු වූහ. එමෙන්ම තම වමත ඒ හැර වෙනත් දෑ සඳහා භාවිත කරන්නෙකු වූහ."
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.

විවරණය

නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා තම දකුණත භාවිත කළ අවස්ථාවන් හා එතුමා වමත භාවිත කළ අවස්ථාවන් පිළිබඳ ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය විසින් විස්තර කළාය. වැසිකිලි කැසිකිලි අවශ්යතා සපුරා ගැනීමෙන් පසු ජලය හෝ ගල් භාවිතයෙන් පිරිසිදු කිරීම, නාසය පිරිසිදු කිරීම හා ඒ හා සමාන සියලු අපිරිසිදු දෑ ඉවත් කිරීම සඳහා එතුමා වමත භාවිත කළ බවත් ඒ හැර වෙනත් දෑ සඳහා එතුමා දකුණතට ප්රමුඛත්වය ලබා දුන් බවත් විස්තර කළාය. එය, එයට ගරු කිරීමක් වශයෙනි. දකුණත වමතට වඩා උතුම්ය.උතුම් කටයුතුවලදී දකුණතට ප්රමුඛත්වය දීම වඩාත් සතුටුදායක බව මෙම හදීසය පෙන්වා දෙයි. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා තම දකුණත පිරිසිදු කිරීම, අනුභව කිරීම වැනි දෑ සඳහා භාවිත කළ බවත් තම වමත කැසිකිලි වැසිකිලි අවශ්යතාවන්ගෙන් පසු පිරිසිදු කිරීම සඳහාත් ඒ හැර අපවිත්ර දෑ පිරිසිදු කිරීම සඳහාත් භාවිත කර ඇති බව එතුමිය පවසා සිටියාය. 'පිරිසිදු කිරීම' යන ඇයගේ ප්රකාශය වනාහි, පිරිසිදු කරන විට දකුණතින් ආරම්භ කිරීමයි. එනම්, වමත සේදීමට පෙර දකුණත සේදීමයි. වම් කකුල සේදීමට පෙර දකුණු කකුල සේදීමයි. කන් දෙක වනාහි එය එකම අවයවයක් ලෙස සැළකේ. හේතුව ඒ දෙක හිස නම් අවයවය තුළ ඇති බැවිනි. එහෙයින් ඒ දෙක එකවර ජලයෙන් පිරිමැදිය යුතු වේ. එසේ අත් දෙක එකවර භාවිත කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී එක් අතක් පමණක් භාවිත කරමින් සොදන්නට වී නම් එවිට එම කාරණාව මුල් කර ගෙන දකුණු කන සේදීය යුතුය. 'එතුමාගේ වමත වැසිකිලි කැසිකිලි අවශ්යතා සපුරා ගැනීමෙන් පසු පිරිසිදු කිරීම සඳහා භාවිත විය' යන ප්රකාශය වනාහි, නජීස් දෑ ඉවත් කිරීම එය ජලයෙන් හෝ ගලින් පිරිසිදු කිරීම යන්නය. 'ඒ හැර වෙනත් අපවිත්ර දෑ' යනු සෙම කැට, හොටු හිස්හොරි වැනි දෑ ඉවත් කිරීමය. ගරු කටයුතුවලදී දකුණතින් ආරම්භ කිරීමේ වැදගත් කම හා ජලයෙන් හෝ ගලින් පිරිසිදු කිරීම වැනි අපවිත්ර දෑ ඉවත් කිරීමේදී වමතට ප්රමුඛත්වය දීම යන කරුණු සම්බන්ධයෙන් හෆ්සා -රළියල්ලාහු අන්හා- තුමිය වාර්තා කළ හදීසය ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමියගේ හදීසය තහවුරු කරන්නක් ලෙස පිහිටා ඇත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම කුර්දි හවුසා මලයාලම්
අර්ථ කථන නිරීක්ෂණය
අමතර