عن أنس بن مالك رضي الله عنه أن نفرًا من أصحاب النبي صلى الله عليه وسلم سألوا أزواج النبي صلى الله عليه وسلم عن عمله في السر؟ فقال بعضهم: لا أتزوج النساء. وقال بعضهم: لا آكل اللحم. وقال بعضهم: لا أنام على فراش. فبلغ ذلك النبي صلى الله عليه وسلم فحمد الله وأثنى عليه، وقال: «ما بال أقوام قالوا كذا؟ لكني أصلي وأنام وأصوم وأفطر، وأتزوج النساء؛ فمن رغب عن سنتي فليس مني».
[صحيح] - [متفق عليه]
المزيــد ...

අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සහගාමීන් පිරිසක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ බිරියන්ගෙන් එතුමා රහසේ සිදු කරන නැමදුම් ක්රියාවන් පිළිබඳ විමසා සිටියෝය. එවිට ඔවුන්ගෙන් කෙනකු මම කාන්තාවන් විවාහ කර නොගනිමි. තවත් කෙනෙකු මම මස් අනුභවර නොකරමි. තවත් කෙනෙකු මම ඇතිරිල්ලක නොනිදමි යැයි පැවසුවෝය. පසුව එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට දැන ගන්නට ලැබී එතුමා අල්ලාහ්ට ප්රශංසා කොට ඔහුව පැසසුමට ලක් කර මෙසේ පැවසූහ. ‘මෙලෙස ප්රකාශ කළ පිරිසට කුමක් වී තිබේ ද? එනමුදු මම සලාත් කරමි. නිදමි. උපවාසය රකිමි. උපවාසයෙන් මිදෙමි. කාන්තාවන් විවාහ කර ගනිමි. එහෙයින් කවරෙකු මාගේ පිළිවෙත ප්රතික්ෂේප කරන්නේ ද ඔහු මගෙන් කෙනෙකු නොවන්නේය.’
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

උතුම් ෂරීආ පිළිවෙත සමාව දීම, පහසුව, ජීවිතයේ යහපත් දෑ ගැන තෘප්තියට පත්වීම, අනුමත දෑ භුක්ති විඳීම යනාදී කරුණු පිළිගැනීම මත හා ජීවිතයේ දුෂ්කරත්වය, දරුණුකම, අසීරුභාවය මෙලොව ජීවිතයේ යහපත් දෑ තහනම් කිරීම යනාදිය පිළිකුල් කිරීම මත ගොඩ නැගී ඇත. ඒ අනුව නබි සහාගීමීන් අතරින් පිරිසක් යහපතට ප්රිය කරමින් එහි ඇල්ම ඇති කර ගනිමින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ බිරියන් හැර වෙනත් කිසිවකු නොදුටු එතුමාණන් රහසේ සිදු කරන ක්රියාවන් පිළිබඳ විමසන්නට ගියෝය. ඔවුහු එය දැනගත් කල්හි එය පිළිපඳින්නට ගත්තෝය. එය ඔවුන් එහි දුටු යහපත ගැන ඇති වූ උනන්දුව හේතුවෙනි. පසුව ඔවුහු: අල්ලාහ්ගේ දූතයාණන් ගැන සිතා බලන විට අපි කොහේ ද? සැබැවින්ම එතුමා පෙර කළ හා පසු කළ පාපයන්ට අල්ලාහ් සමාව දී ඇත. යැයි පැවසූහ. එතුමාණන් නැමදුම් කිරීම සඳහා වෙහෙස වීමට කිසිදු අවශ්යතාවක් නැතැයි ඔවුන් සිතන්නට විය. ඒ අනුව නැමදුම් කිරීම සඳහා තමන්ව කැප කිරීමට ඔවුන්ගෙන් ඇතැමෙකු කාන්තාවන් අතහැර දමන්නට සිතුවේය. ඇතැමුන් මෙලොව ආශාවන්ගෙන් ඈත් වී මස් අනුභව කිරීම පවා අතහැර දමන්නට යොමු වූහ. තවත් සමහරුන් රාත්රිය මුළුල්ලේ අවදිව සිට තහජ්ජුද් ඉටු කිරීමටත් නැමදුම් කිරීමටත් ඉටා ගත්තේය. ඔවුන්ගේ මෙම ප්රකාශය ඔවුනට වඩා දෙවියන්ට මහත්සේ බියබැතිමත්, ඔවුනට වඩා තත්ත්වයන් හා ආගමික පිළිවෙත් පිළිබඳ මනා අවබෝධයක් ඇති සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්හට දැනගන්නට ලැබිණ. පසුව එතුමා මිනිසුනට දේශනා කරන්නට ගත්තේය. අල්ලාහ්ව ප්රශංසා කොට තම දෙසුම හා මග පෙන්වීම සාමාන්ය සිරිතට අනුව පොදුවේ සිදු කළහ. පසුව සෑම අයිතියකටම නියමිත අයිතය පිරිනමා නැමදුම් කළ යුතු බවත් මෙලොව අනුමත දෑ භුක්ති විඳිය යුතු බවත් ඔවුනට දන්වා සිටියේය. එතුමා නිදා ගනී. සලාත් ඉටු කරයි. උපවාසය රකියි. ඉන් මිදෙයි. කාන්තාවන් විවාහ කරන ගනී. එබැවින් කවුරුන් හෝ එතුමාණන්ගේ උදාර චරිතය පිටුපාන්නේ ද ඔහු එතුමාව අනුගමනය කරන්නන් අතරින් කෙනෙකු නොවීය. සැබැවින්ම ඔහු ගමන් කරනුයේ දමහට අලුත් කරුණු එකතු කළවුන්ගේ මාර්ගය මතය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු කුර්දි පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර