عَنْ عَلِيٍّ رضي الله عنه:
أَنَّ فَاطِمَةَ رَضيَ اللهُ عنْها أَتَتِ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ تَشْكُو إِلَيْهِ مَا تَلْقَى فِي يَدِهَا مِنَ الرَّحَى، وَبَلَغَهَا أَنَّهُ جَاءَهُ رَقِيقٌ، فَلَمْ تُصَادِفْهُ، فَذَكَرَتْ ذَلِكَ لِعَائِشَةَ، فَلَمَّا جَاءَ أَخْبَرَتْهُ عَائِشَةُ، قَالَ: فَجَاءَنَا وَقَدْ أَخَذْنَا مَضَاجِعَنَا، فَذَهَبْنَا نَقُومُ، فَقَالَ: «عَلَى مَكَانِكُمَا» فَجَاءَ فَقَعَدَ بَيْنِي وَبَيْنَهَا، حَتَّى وَجَدْتُ بَرْدَ قَدَمَيْهِ عَلَى بَطْنِي، فَقَالَ: «أَلاَ أَدُلُّكُمَا عَلَى خَيْرٍ مِمَّا سَأَلْتُمَا؟ إِذَا أَخَذْتُمَا مَضَاجِعَكُمَا -أَوْ أَوَيْتُمَا إِلَى فِرَاشِكُمَا- فَسَبِّحَا ثَلاَثًا وَثَلاَثِينَ، وَاحْمَدَا ثَلاَثًا وَثَلاَثِينَ، وَكَبِّرَا أَرْبَعًا وَثَلاَثِينَ، فَهُوَ خَيْرٌ لَكُمَا مِنْ خَادِمٍ».
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 5361]
المزيــد ...
අලී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
ෆාතිමා (රළියල්ලාහු අන්හා) තුමිය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ ඇඹරුම් ගල හේතුවෙන් ඇගේ අතෙහි හට ගෙන තිබූ වේදනාව සම්බන්ධයෙන් පැමිණිලි කර තිබුණි. එතුමාණන් වෙත වහලුන් ගෙනැවිත් ඇති බව ඇයට දැනගන්නට ලැබුණ ද එතුමාණන්ව මුණ ගැසෙන්නට ඇයට ලැබුණේ නැත. පසුව ඇය ඒ ගැන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියට මතක් කර සිටියාය. එතුමාණන් පැමිණි විට ආඉෂා තුමිය ඒ ගැන එතුමාණන්ට දන්වා සිටියා ය. තවදුරටත් ඔහු මෙසේ ප්‍රකාශ කර සිටියේය. "අපි නිදියහයනට පැමිණ සිටිය දී එතුමාණෝ අප වෙත පැමිණියහ. අප ද නැගිටින්නට ගියෙමු. පසුව එතුමාණෝ මෙසේ පවසා සිටියහ. "ඔබ දෙපල ඉන්න තැනම ඉන්න." පසුව එතුමාණෝ පැමිණ මා හා ඇය අතර වාඩි වූහ. එතුමාණන්ගේ පාද දෙකෙහි සීතළ මාගේ කුසට දැනෙන තරමට විය. එවිට එතුමාණෝ "ඔබ දෙපළ ඉල්ලා සිටින දෑට වඩා ශ්‍රේෂ්ට යමක් මා ඔබ දෙපළට දන්වා සිටින්නදැ?"යි විමසා සිටියහ. "එසේ නම් ඔබ දෙපළ ඔබ දෙපළගේ නිදියහනට පැමිණි විට, තිස්තුන් වරක් (සුබ්හානල්ලාහ් යනුවෙන්) තස්බීහ් පවසන්න. තිස්තුන් වරක් (අල්හම්දු ලිල්ලාහ් යනුවෙන්) තහ්මීද් පවසන්න. තිස්තුන් වරක් (අල්ලාහු අක්බර් යනුවෙන්) තක්බීර් පවසන්න. සේවකයකුට වඩා එය ඔබ දෙපළට උතුම් වේ." යැයි පැවසූහ.
[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 5361]
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ දියණිය වූ ෆාතිමා (රළියල්ලාහු අන්හා) තුමිය එතුමාණන් වෙත පැමිණ ඇඹරුම් ගලෙහි ඇඹිරීම හේතුවෙන් ඇගේ අතෙහි හට ගෙන තිබූ සළකුණ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබුණි. එතුමාණන් වෙත වහලුන් පැමිණි කල්හි ඒ අය අතරින් තමන්ගේ ස්ථානයේ හිඳ නිවසේ කටයුතු කිරීම සඳහා සේවකයකු ඉල්ලා සිටීමට ඇය පැමිණියාය. නමුත් එතුමාණන්ව තම නිවසේ දකින්නට නොවීය. පසුව ඇය ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය හමු වී ඒ ගැන ඇයට සඳහන් කර සිටියාය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැමිණි කල්හි, එතුමාණන්ගෙන් වහලෙකු ඉල්ලා ෆාතිමා තුමිය පැමිණි සිටි බව ආඉෂා තුමිය එතුමාණන්ට දන්වා සිටියාය. ෆාතිමා තුමිය හා අලී තුමා (රළියල්ලාහු අන්හුමා) නිදන්නට සූදානම් ව සිටිය දී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔවුන් වෙත පැමිණ ඔවුන් අතර වාඩි වූහ. එතුමාණන්ගේ පාද දෙකෙහි සීතළ අලී තුමාගේ කුසට දැනෙන තරමට විය. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ. "සේවකයකු ඔබට ලබා දෙන මෙන් ඔබ මගෙන් ඉල්ලා සිටින කරුණට වඩා ශ්‍රේෂ්ට යමක් මා ඔබ දෙපළට උගන්වන්න ද?" "එසේය" යැයි ඔවුන් දෙදෙනා පැවසුවෝය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ. රාත්‍රියේ නිදන්නට ඔබ දෙදෙනා සූදානම් වූ විට අල්ලාහු අක්බර් (අල්ලාහ් අති ශ්‍රේෂ්ටය) යැයි තිස් හතර වරක් පවසා ඔහුව ශ්‍රේෂ්ටත්වයට පත් කරන්න. සුබ්හානල්ලාහ් (අල්ලාහ් සුවිශුද්ධය) යැයි තිස්තුන් වරක් පවසා ඔහු පිවිතුරු කරන්න. අල්හම්දු ලිල්ලාහ් (සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය) යැයි තිස්තුන් වරක් පවසා අල්ලාහ්ව පැසසුමට ලක් කරන්න. මෙම අනුවාද ඔබ සේවකයකු ලබනවාට වඩා ඔබ දෙපළට ශ්‍රේෂ්ට වන්නේය.