+ -

عَنْ حُذَيْفَةَ رضي الله عنه قَالَ:
كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا قَامَ مِنَ اللَّيْلِ يَشُوصُ فَاهُ بِالسِّوَاكِ.

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 245]
المزيــد ...

හුදෙයිෆා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් රාත්‍රියේ අවදි වූ විට තම මුඛය මිස්වාක් දැහැටියෙන් හොඳින් මැද පිරිසිදු කර ගනියි.

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 245]

විවරණය

නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අධික ලෙස තම මුඛය පිරිසිදු කර ගන්නා අයකු වූ අතර ඒ ගැන ජනයාට ද ‌නියෝග කර ඇත. ඇතැම් අවස්ථාවන්හි එය වඩාත් වැදගත් වන්නේය. ඒ අතරින් රාත්‍රියේ නින්දෙන් අවදි වූ අවස්ථාවේ මුඛය පිරිසිදු කර ගැනීම ද එවැනි අවස්ථාවකි. එහි දී සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මිස්වාක් දැහැටියෙන් හොදින් මැද තම මුඛය පිරිසිදු කර ගත්හ.

හදීසයේ හරය

  1. රාත්‍රී නින්දෙන් පසු කට පිරිසිදු කිරීම වඩාත් වැදගත් ආගමික කටයුත්තකි. ‌ඊට හේතුව සැබැවින්ම නින්ද මුඛයේ ගන්ධයක් ඇති කරනු ඇත. මිස්වාක් (දැහැටිය හෝ බුරුසුව) එය පිරිසිදු කිරීමේ උපකරණයයි.
  2. ඉහත කී අදහස අනුව කටේ දුර්ගන්ධය ඇතිවන සෑම අවස්ථාවකම දත් මැද පිරිසිදු කර ගැනීම වඩාත් වැදගත් ආගමික කරුණකි.
  3. පිරිසිදුකම පොදුවේ ආගමානුකූල කරුණකි. ඇත්තෙන්ම එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සිරිතක් වූ අතරම උදාර ආචාර විධියකි.
  4. මුඛය පිරිසිදු කිරීම යන ප්‍රකාශය තුළ දත්, විදුරුමස් හා දිව මැදීම ද ඇතුළත් වේ.
  5. සිවාක් යනු 'අරාක්' හෝ ‌එවැනි වෙනත් ගසකින් කපා ගන්නා ලද දැහැටියකි. එය මුඛය හා දත් පිරිසිදු කිරීමට යොදා ගනියි. එය මුඛය පිරිසිදු කරන අතරම දුර්ගන්ධය ඉවත් කරයි.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි තායිලන්ත පශ්ටු ආසාමි السويدية الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية الدرية الصربية الرومانية الموري Malagasy Oromo Kannada الجورجية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර