عَنْ أَنَسِ بْنِ مَالِكٍ رَضيَ اللهُ عنه قَالَ:
بَيْنَمَا نَحْنُ فِي الْمَسْجِدِ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذْ جَاءَ أَعْرَابِيٌّ، فَقَامَ يَبُولُ فِي الْمَسْجِدِ، فَقَالَ أَصْحَابُ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: مَهْ مَهْ، قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «لَا تُزْرِمُوهُ، دَعُوهُ» فَتَرَكُوهُ حَتَّى بَالَ، ثُمَّ إِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ دَعَاهُ فَقَالَ لَهُ: «إِنَّ هَذِهِ الْمَسَاجِدَ لَا تَصْلُحُ لِشَيْءٍ مِنْ هَذَا الْبَوْلِ، وَلَا الْقَذَرِ إِنَّمَا هِيَ لِذِكْرِ اللهِ عَزَّ وَجَلَّ، وَالصَّلَاةِ وَقِرَاءَةِ الْقُرْآنِ» أَوْ كَمَا قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: فَأَمَرَ رَجُلًا مِنَ الْقَوْمِ فَجَاءَ بِدَلْوٍ مِنْ مَاءٍ فَشَنَّهُ عَلَيْهِ.
[صحيح] - [متفق عليه] - [صحيح مسلم: 285]
المزيــد ...
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සමග මස්ජිදයේ සිටිය දී ගැමි අරාබිවරයකු පැමිණ සිටගෙන මස්ජිදයේ මූත්‍රා කරන්නට විය. එවිට අල්ලාහ්ගේ දූතයාණන්ගේ සහගාමීහු: "හෝ ! හෝ !" යැයි කෑ ගැසූහ. අල්ලාහ්ගේ දූතයාණෝ: "ඔහුව නොවළක්වන්න. ඔහුව අත්හැර දමන්න" යැයි පැවසූහ. ඔහු මූත්‍රා කරන තෙක් ඔවුහු ඔහුව අත්හැර දැමූහ. පසුව අල්ලාහ්ගේ දූතයාණන් ඔහු අමතා ඔහුට මෙසේ පැවසූහ: "සැබැවින්ම මෙය දේවස්ථානයයි. මූත්‍රා කිරීම වැනි දෙයක් හෝ අපවිත්‍ර දෙයක් හෝ මෙහි සිදු කිරීම සුදුසු නැත. සැබැවින්ම මෙය සර්වබලධාරී අල්ලාහ්ව මෙනෙහි කිරීම සඳහාත් සලාත් ඉටු කිරීම සඳහාත් අල්-කුර්ආනය පාරායනය කිරීම සඳහාත් වන ස්ථානයකි." අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ පවසා සිටි අතරම එම පිරිසේ සිටි මිනිසෙකුට ජල බදුනක් ගෙන එන්නට නියෝග කර එහි වක් කරන මෙන් අණ කළහ.
[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح مسلم - 285]
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මස්ජිදයේ තම සහගාමීන් සමග සිටිය දී ගැමි අරාබිවරයකු පැමිණ මස්ජිදයේ කොණක මූත්‍රා කරන්නට විය. එවිට සහගාමීහු: "හෝ නතර කරනු! ඉන් වැළකෙනු!" යැයි කෑ ගසා පලවා හරින්නට වූහ. එවිට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ: "ඔහු මූත්‍රා කිරීම නොවළක්වන්න. ඔහු එය අවසන් කරන තුරු අත්හැර දමන්න" යැයි පැවසූහ.
පසුව අල්ලාහ්ගේ දූතයාණන් ඔහු අමතා ඔහුට මෙසේ පැවසූහ: "සැබැවින්ම දේවස්ථාන වනාහි, ඒවායෙහි මූත්‍රා කිරීම වැනි දෙයක් හෝ අපවිත්‍ර දෙයක් හෝ සිදු කිරීම සුදුසු නැත. සැබැවින්ම ඒවා සර්වබලධාරී අල්ලාහ්ව මෙනෙහි කිරීම, සලාත් ඉටු කිරීම හා අල්-කුර්ආනය පාරායනය කිරීම වැනි කටයුතු සඳහා වන ස්ථාන වේ." පසුව සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ සහාබාවරුන් අතරින් කෙනෙකුට ජල බදුනක් ගෙන එන්නට නියෝග කර එහි වක් කරන මෙන් අණ කළහ.