عن ابن عمر رضي الله عنهما : أن رسول الله صلى الله عليه وسلم قال: «إن الذين يَصْنَعُون هذه الصُّور يُعَذَّبُونَ يوم القيامة، يُقال لهم: أَحْيُوا ما خَلَقْتُم».
[صحيح] - [متفق عليه]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- පැවසූ බව ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී. “මෙම රූපය නිර්මාණය කළවුන් වනාහි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ වේදනාවට ලක් කරනු ලබති. එමෙන්ම ඔබ නිර්මාණය කළ දෑට පණ දෙනු යැයි ඔවුන් පවසනු ලබති.“
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

හදීසයේ තේරුම: නියත වශයෙන්ම රූප තනන්නන් වනාහි එය ජීවයක් ඇති යමක් ඇඳීම හෝ ඇඹීම හෝ ඡායාරූප ගැනීම හෝ වේවා එක හා සමානය. එය මිනිසෙකුගේ හෝ සත්වයකුගේ හෝ රූප තනන්නාක් මෙනි. එය ප්රායෝගික සිතුවමක් වුව ද එසේ ප්රායෝගික සිතුවමක් නොවු ද එක සමානය. ඔවුන්ගේ එම ක්රියාව හේතුවෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් දඬුවමට ලක් කරනු ලබති. එය අල්ලාහ්ගේ මැවීමට ව්යාජ අනුරූපයක් ඔවුන් ඇති කළ හේතුවෙනි. නුඹලා පණ දෙනු යැයි ඔවුනට පවසනු ලබයි. එනම් ඔබ ශරීරය තැනුවාක් මෙන්ම එයට ප්රාණය ද දෙනු යන්නයි. නුඹලා නිර්මාණය කළ දෑ, එනම් අල්ලාහ්ගේ මැවීම්වලට සමාන රූපයකින් නුඹලා තැනූ දෑය. එසේ රූපයක අල්ලාහ්ගේ මැවීම්වලට සමාන යමක් නිර්මාණය කර සිටියේ නම් එයට ප්රාණය දී අවදි කරවනු යන්නයි. අල්ලාහ්ගේ මැවීමට ඔවුන් ව්යාජ අනුරූපයක් මතුකර පෙන්වීම හේතුවෙන් මෙය උපහාසාත්මක, තර්ජනාත්මක අවවාද අතුරින් එකකි. එහි ප්රාණය පිඹීමට නොහැකි වූ විට එම ඉල්ලීමෙන් ඔවුන් වෙන් කරනු ලබති. ඉබ්නු අබ්බාස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් දන්වා සිටි බුහාරි හා මුස්ලිම්හි සඳහන් හදීසයක් මෙසේ සඳහන් වේ.‘කවරෙකු මෙලොවෙහි රූපයක් රූපගත කරන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එහි ප්රාණය පිඹින මෙන් පවරනු ලබන්නේය. නමුත් ඔහු එසේ පිඹින්නෙකු නොවේ.‘ බුහාරිහි සඳහන් තවත් වාර්තාවක ‘කවරෙකු රූපයක් තනන්නේ ද එවිට ඔහු එයට ප්රාණය පිඹින තෙක් අල්ලාහ් ඔහුට දඬුවම් කරන්නේය.‘ ඉමාම් නවවි තුමා මෙසේ දන්වා සිටියි, සතුන්ගේ රූප ඇඳීම දැඩි ලෙස තහනමට ලක් වූ කරුණකි. එය මහා පාපයන්ගෙන් එකකි. හේතුව හදීසයේ සඳහන් පරිදි මෙම දරුණු අවවාදය ඇති බැවිනි. එය ප්රායෝගික නිර්මාණයක් වුව ද එසේ නොවුවද එක හා සමානය. එසේ නිර්මාණය කිරීම සෑම අතකින්ම තහනම්ය. හේතුව අල්ලාහ්ගේ මැවීමට ව්යාජ වේශයක් දෙන බැවිනි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර