عن أبي هريرة رضي الله عنه أن النبي صلى الله عليه وسلم قال: «الجَرَسُ مَزَامِيرُ الشَّيطَان». المزيد
“සීනුව ෂෙය්තාන්ගේ සංගීත භාණ්ඩයක් වේ.“යැයි නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බව අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී.

සතුන්ගේ ගෙලෙහි බැඳ ඇති සීනුව ෂෙය්තාන්ගේ සංගීත භාණ්ඩ අතරින් එක් භාණ්ඩයක් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා අපට දන්වා ඇත. එමගින් මිනිසාව වෙනතකට යොමු කෙරේ. ඔවුන් කවර හේතුවක් වෙනුවෙන් මවනු ලැබුවේ ද එයින් ඔවුන් හරවා දමනු ලැබේ. සැබැවින්ම අවදිමත් කිරීම (නිවේදනය කිරීම) සඳහා භාවිතයට ගන්නා සීනු පිළිබඳව ‘අල් ලජ්නතුද් දාඉමා’ නම් සභාව විසින් පහත සඳහන් අයුරින් තීන්දු ලබා දී ඇත. “නිවෙස්වල හෝ පාසල්වල හෝ එවැනි ස්ථානවල පරිහරනය කරන සීනු කිතුනුවන්ගේ ආගමික චර්යාවන්ට සමගාමී වීම හෝ එයට සංගීත වැනි රාගයක් සහිත හඩක සමානකමක් තිබීම වැනි තහනම් කරන ලද යමක් ආවරණය නොකරන කල්තාක් අනුමතය. එසේ වී නම් එවිට සැබැවින්ම එය තහනම් කරන ලද්දක් වන්නේය.
No matching language