+ -

عن أنس رضي الله عنه قال:
كُنَّا عِنْدَ عُمَرَ فَقَالَ: «نُهِينَا عَنِ التَّكَلُّفِ».

[صحيح] - [رواه البخاري] - [صحيح البخاري: 7293]
المزيــد ...

අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
අපි උමර් (රළියල්ලාහු අන්හු) තුමා ඉදිරියේ සිටියෙමු. එවිට එතුමාණෝ මෙසේ පවසා සිටියහ. “(දුෂ්කරතාවට පත්වූ බව) මවා පෙන්වීමෙන් අපි වළක්වනු ලැබුවෙමු.”

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත] - [صحيح البخاري - 7293]

විවරණය

කිසිදු අවශ්‍යතාවකින් තොරව දුෂ්කරතා ඇති කරන දෑ වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ භාවිතා කිරීමෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විසින් ඔවුන්ට තහනම් කළ බව උමර් (රළියල්ලාහු අන්හු) තුමා දන්වා සිටියි.

හදීසයේ හරය

  1. එසේ තහනම් කරන ලද දුෂ්කරතා අතරින්, අධික ලෙස ඉල්ලීම් කිරීම හෝ කිසිදු දැනුමක් නැති දෑ දන්නා බව ‌කියා පැම, හෝ අල්ලාහ් පහසු කර ඇති කරුණක දැඩි ලෙස ක්‍රියා කිරීම ඇතුළත් වේ.
  2. තම ආහාර පාන වලදී, ප්‍රකාශ වලදී හා අනිකුත් තත්ත්වයන් වලදී ප්‍රකාශයේ හා ක්‍රියාවේ දුෂ්කරතා ඇති නොකිරීමටත්, සමාව දීමටත් මුස්ලිම්වරයා තමන් පුරුදු පුහුණු කර ගැනීම අවශ්‍යය වේ.
  3. ඉස්ලාමය පහසු ආගමකි.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية Yoruba الليتوانية الدرية الصربية الصومالية الطاجيكية Kinyarwanda الرومانية المجرية التشيكية الموري Malagasy ඉතාලි Kannada الولوف البلغارية Azeri الأوكرانية الجورجية المقدونية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර