عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ سَمُرَةَ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«لَا تَحْلِفُوا بِالطَّوَاغِي، وَلَا بِآبَائِكُمْ».
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 1648]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබ්දුර් රහ්මාන් බින් සමුරාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“නුඹලා පිළිම මත නොදිවුරනු. තවද නුඹලාගේ පියවරුන් මත ද නොදිවුරනු.”
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم - 1648]
'තාගියා' බහු වචනය - 'තවාගී' මත දිවුරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වැළැක්වූහ. ඒවා අල්ලාහ් හැරදමා දේව ආදේශකයින් විසින් නමදින පිළිම වෙති. එය ඔවුන්ගේ නොමග යෑමට හා ඔවුන්ගේ දේව ප්‍රතික්ෂේපයට හේතුවක් විය. එමෙන්ම පියවරුන් මත දිවුරා සිටීමෙන් ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වැළැක්වූහ. අඥාන යුගයේ අරාබිවරුන් අතර ගෞරවයෙන් හා ආඩම්භරයෙන් ඔවුන්ගේ පියවරුන් මත දිවුරා සිටීම පුරුද්දක්ව තිබුණි.