عن أبي سعيد الخدري رضي الله عنه أن رسول الله -صلى الله وعليه وسلم- قال: «لا ضَرَرَ ولا ضِرَارَ».
[صحيح] - [رواه ابن ماجه من حديث أبي سعيد الخدري -رضي الله عنه- ومن حديث عبادة بن الصامت -رضي الله عنه-. ورواه أحمد من حديث عبادة بن الصامت -رضي الله عنه-. ورواه مالك من حديث عمرو بن يحي المازني مرسلا]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්ර කාශ කළ බව අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “හිංසා නොකළ යුතුයි. හිංසාවට ලක් නොවිය යුතුයි."
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත.

විවරණය

ආගමික පිළිවෙත්හි ඉස්ලාමීය නියාමනයන් හා මැවීම් අතර ගනුදෙනු කළ යුතු හැසිරිය යුතු ආකාරයේ නියාමනයන් හැඩ ගැස්විය යුතු ආකාරය ඉදිරිපත් කරයි. එය ඔවුනට හිංසා කිරීමෙන් එහි විවිධ වර්ග හා විවිධ ක්රියාවන් සමගම වැළකීමයි. එහෙයින් හිංසාව යනු තහනම් කරන ලද්දකි. හිංසාව ඉවත් කිරීම අනිවාර්යය වේ. හිංසාව හිංසාවෙන් ඉවත් වන්නේ නැත. හිංසාවට ලක් කිරීමත් තහනම් කරන ලද්දකි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. දූතයාණන්හට පඵල් අර්ථ සහිත වදන් සංශිප්ත ලෙස ප්රකාශ කිරීමේ ආශ්චර්යය දෙනු ලැබ ඇත. ඒ සඳහා වූ සාධක බොහෝමය. එය එතුමාණන්ට පිරිනමනු ලැබූ සුවිශේෂයකි.
  2. හිංසාව යනු ඉවත් කරනු ලැබිය යුත්තකි.
  3. සුළු උදාහරණයකින් විපාක දීමෙන් වැළකී සිටීම පෙන්වා දීම.
  4. අල්ලාහ් තම ගැත්තන්හට හිංසා පමුණුවන කිසිවක් අණ කර නැත.
  5. තහනම් කිරීමේ අර්ථයෙන් ප්රතික්ෂේප කිරීම පැමිණ ඇත.
  6. වදනින් හෝ ක්රියාවෙන් හෝ අතහැරීමෙන් හෝ හිංසා පමුණුවීමේ තහනම.
  7. ඉස්ලාම් දහම සාමයේ දහමයි.
  8. මෙම හදීසය නීති මූල පද්ධතිවලින් එක් නීතියක් ලෙස සැලකේ. එනම් සැබැවින්ම ෂරීආව හිංසාව පිළි නොගන්නා අතරම හිංසා කිරීම හෙළා දකිනු ඇත.
  9. ‘හිංසා නොකළ යුතුයි.’ යනුවෙන් මෙහි අර්ථ ගන්වා ඇති ‘ළරර’ යන පදය හා ‘හිංසාවට ලක් නොවිය යුතුයි.’ යනුවෙන් මෙහි අර්ථ ගන්වා ඇති ‘ළිරාර්’ යන පදය අතර වෙනසක් ඇත්තේ ද? නැත්තේ ද? ඒ අනුව ඇතැම් විද්වතුන් පවසා ඇත්තේ: ඒ දෙකම එකම අර්ථයෙන් වඩාත් තහවුරු කිරීමේ විලාශයකින් පැමිණ ඇති බවයි. නමුත් ප්රකට මතය වනුයේ: ඒ දෙක අතර වෙනසක් ඇති බවයි. ඇතැමුන් මෙසේ පවසා ඇත: සැබැවින්ම ‘ළරර’ යනු හිංසාව යන අර්ථයෙන් වූ නාම පදයයි. ළිරාර් යනු හිංසා කිරීම යන අර්ථයෙන් වූ එහි ක්රියාවයි. ඉන් අදහස් කරනුයේ සැබැවින්ම හිංසාව යනු ඉස්ලාමිය පිළිවෙතෙහි උදුරන ලද්දකි. කිසිදු යුක්තියකින් තොරව හිංසාවක් ඇතුළත් කිරීම ද එලෙසය. තවත් ඇතැමුන් පවසා සිටිනුයේ: ‘ළරර’ යනු තමන් ප්රයෝජනවත් වන දැයකින් තවත් කෙනෙකු හිංසාවට භාජනය කිරීමයි. ළිරාර් යනු තමන්ට ප්රයෝජනවත් නොවන දැයකින් වෙනත් කෙනෙකු හිංසාවට භාජනය කිරීමයි. එය තමන්ට හිංසාවක් නොවන දෙයකින් වළක්වා වළක්වනු ලැබූ දැයින් වෙන කෙනෙකු හිංසාවට ලක්වීම මෙනි. මෙය වඩාත් නිවැරදි අර්ථය බව පිරිසක් පවසා ඇත. ඒ අතර ඉබ්නු අබ්දුල් බර්, ඉබ්නු අස්-සලාහ් වැනි අය ද ඇතුළත් වෙති. තවත් සමහරුන් පවසා සිටිනුයේ: ළරර් යනු හිංසාවක් නොවන තමන්ට හානියක් නොකරන තැනැන්තාට හානි කිරීමය. ළිරාර් යනු කිසිදු සුදුසුකමක් නොමැතිව තමන්ට හිංසා කළ අයකුට හිංසා කිරීමය. මේ සෑම තත්ත්වයක නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පෙන්වා දී ඇත්තේ හිංසා කිරීම හා කිසිදු යුක්තියකින් තොරව හිංසා කරනු ලැබීම හෙළා දැකීමය.