عَنِ ابنِ مَسعُودٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«لَا يَحِلُّ دَمُ امْرِئٍ مُسْلِمٍ إِلَّا بِإِحْدَى ثَلَاثٍ: الثَّيِّبُ الزَّانِي، وَالنَّفْسُ بِالنَّفْسِ، وَالتَّارِكُ لِدِينِهِ المُفَارِقُ لِلْجَمَاعَةِ».
[صحيح] - [متفق عليه] - [صحيح مسلم: 1676]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
“කිසිදු මුස්ලිම්වරයකුගේ රුධිරය හැළීම අනුමත නොවන්නේය. නමුත් කාමයේ වරදවා හැසිරුණු විවාහක තැනැත්තා, පණට පණ (ඝාතනය කිරීමෙන් මරණ දඬුවම) නියම වූ පුද්ගලයා සහ තම දහම අතහැර, සමාජය වෙන් කරන පුද්ගලයා යන තිදෙනාගෙන් කෙනෙකුගේ හැර."
[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح مسلم - 1676]
මෙම කරුණු තුනෙන් එකක් සිදු කිරීමෙන් හැර මුස්ලිම්වරයකුගේ ප්‍රාණය නැසීම තහනම් කරුණක් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිළි කළහ. පළමුවැන්නා: නිත්‍යානුකූලව විවාහයකින් පසු, (වෙනත් අය සමග) කාමයේ වරදවා හැසිරුණු විවාහක තැනැත්තා. ගල් ගැසීමෙන් ඔහුට මරණ දඬුවම් ක්‍රියාමක් කෙරේ. දෙවැන්නා: කිසිදු අයිතියකින් තොරව නිරපරාධී ලෙස යම් ආත්මයක් නැසූ තැනැත්තා. නියමිත කොන්දේසි මත ඔහුට මරණ දඬුවම දෙනු ලැබේ. තුන්වැන්නා: ඉස්ලාම් දහම මුළුමණින්ම අත් හැර දමා වෙනත් දහමක් වැළඳ ගැනීමෙන් හෝ ඉස්ලාමයෙන් ඉවත් නොවී, අරාධකරුවන් මංකොල්ලකරුවන් කැරළිකරුවන් වැනි අය මෙන් ඉස්ලාමයෙන් කොටසක් අත්හැර දැමීමෙන් මුස්ලිම් ප්‍රජාවෙන් ඉවත් වූ අය.