عَنْ عَبْدِ اللهِ بْنِ بُسْرٍ رضي الله عنه أَنَّ رَجُلاً قَالَ: يَا رَسُولَ اللهِ إِنَّ شَرَائِعَ الإِسْلاَمِ قَدْ كَثُرَتْ عَلَيَّ، فَأَخْبِرْنِي بِشَيْءٍ أَتَشَبَّثُ بِهِ، قَالَ:
«لاَ يَزَالُ لِسَانُكَ رَطْبًا مِنْ ذِكْرِ اللَّهِ».
[صحيح] - [رواه الترمذي وابن ماجه وأحمد] - [سنن الترمذي: 3375]
المزيــد ...
අබ්දුල්ලාහ් බින් බුස්ර් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ වාර්තා කරයි. එක්තරා පුද්ගලයකු: ‘අල්ලාහ්ගේ දූතයාණනි! ඉස්ලාමයේ පිළිවෙත් මා වෙත බහුල වී ඇත. ඒවායින් මා ඉටු කළ යුතු වැදගත්ම කරුණු ගැන මට කියා දෙන්න’ යැයි පැවැසුවේය.
“ඔබ නිතර අල්ලාහ් මෙනෙහි කිරීමෙන් ඔබේ දිව ඔබ තෙත්ව තබා ගන්න”
[පූර්ව සාධක සහිත හදීසයකි] - [رواه الترمذي وابن ماجه وأحمد] - [سنن الترمذي - 3375]
දුර්වලකම නිසා ඉටු කිරීමට නොහැකි වන තරමට අතිරේක පිළිවෙත් වැඩි වී ඇති බව පවසමින් මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණිලි කළේය. පසුව හෙතෙම තමන්ට බැඳී සිටිය හැකි, පිළිපැදිය හැකි, එමගින් අධික ලෙස කුසල් හිමිකර ගත හැකි පහසු ක්‍රියාවක් තමන්ට පෙන්වා දෙන මෙන් එතුමාණන්ගෙන් ඉල්ලා සිටියේය.
එවිට එතුමාණෝ ඔහුට පෙන්වා දුන්නේ, අල්ලාහ්ව සුවිශුද්ධ කිරීම, ඔහු ගැන ගුණ ගායනා කිරීම, ඔහුගෙන් පාපක්ෂමාව අයදීම, ප්‍රාර්ථනා කිරීම යනාදියෙන් සෑම වේලාවකම හා සෑම අවස්ථාවකම සර්වබලධාරී අල්ලාහ්ව මෙනෙහි කරමින් ඔහුගේ දිව නිරන්තරයෙන් සක්‍රීයව තබා ගන්නා මෙනි.