عن أبي هريرة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم : «لا يَمُوتُ لأحَدٍ من المسلمين ثلاثة من الوَلَد فتَمسُّه النَّار إلا تَحِلَّة القَسَم».
[صحيح] - [متفق عليه]
المزيــد ...

අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “දරුවන් තිදෙනෙකු සතු මුස්ලිම්වරුන් අතුරින් කෙනෙකු මිය ගියේ නම් නිරා ගින්න ඔහුව ස්පර්ශ නොකරනු ඇත. එම පංගුව (ඔහුට) අනුමත කර දීමෙන් මිස.“
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

පිරිමි දරුවන් තිදෙනෙකු හෝ ගැහැණු දරුවන් තිදෙනෙකු හෝ ගැහැණු හා පිරිමි දෙපාර්ශවයේම දරුවන් තිදෙනෙකු හෝ තමන්ට වී කවරෙකු මිය ගියේ ද එවිට නියත වශයෙන්ම අල්ලාහ් ඔහුගේ ශරීරය නිරයට තහනම් කරනු ඇත. එය ඔහු ඉවසීමෙන් කුසල් බලාපොරොත්තුවෙන් සිට අල්ලාහ්ගේ තීන්දුව හා ඔහුගේ ඉරණම පිළිගැනීමේ කොන්දේසිය මතය. අල්ලාහ් ඔහුගේ කොටස එහි පිරිනමනු ඇත. එය සූරා මර්යම් හි 71 වැනි පාඨයේ සඳහන් පරිදි අල්ලාහ්ගේ ප්රකාශයයි. එනම්, “තවද නුඹලා අතුරින් එහි නොපැමිණෙන කිසිවකු නැත. එය නුඹගේ පරමාධිපති වෙත නියම වූ තීන්දුවක් විය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා දමිළ
අර්ථ කථන නිරීක්ෂණය
අමතර