عن أبي هريرة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم : «من قتل وَزَغَةً فِي أَوَّلِ ضَرْبَةٍ فله كذا وكذا حسنة، ومن قتلها في الضَّرْبَةِ الثانية فله كذا وكذا حسنة دون الأولى، وإن قتلها في الضربة الثالثة فله كذا وكذا حسنة». وفي رواية: «من قتل وَزَغًا في أول ضربة كتب له مائة حسنة، وفي الثانية دون ذلك، وفي الثالثة دون ذلك».
[صحيح] - [رواه مسلم]
المزيــد ...

අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි.“කවරෙකු එක පහරින් හූනකු මරා දමන්නේද ඔහුට මේ මේ කුසල් හිමිවනු ඇත. තවද කවරෙකු දෙවන පහරින් ඌ මරා දමන්නේ ද ඔහුට පළමුවෙන් ලැබුණු කුසල් වලට වඩා අඩුවෙන් මේ කුසල් හිමිවනු ඇත.තවද ඔහු තුන්වන පහරින් මරා දැමුවේ නම් ඔහුට මේ කුසල් හිමිවනු ඇත.“ තවත් වාර්තාවක, “කවරෙකු එක පහරින් හූනකු මරා දමන්නේ ද ඔහුට කුසල් සියයක් හිමිවනු ඇත. දෙවන වතාවේදී ඊට අඩුය.තුන්වන වතාවේදී ඊටත් වඩා අඩුය.“
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

කවරෙකු පළමු පහරින් ඌ මරා දමන්නේ ද ඔහුට කුසල් සියයක් හිමිවන බවත්, තවද කවරෙකු දෙවන පහරින් ඌ මරා දමන්නේ ද ඊට වඩා අඩුවෙන් ද, තුන්වන පහරින් ඌ මරා දමන්නේ ද ඊටත් වඩා අඩුවෙන් ඔහුට කුසල් හිමිවන බවත් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා දන්වා සිටිමින් හූනන් මරා දමන්නට එතුමා දිරිගැන්වූහ. එහි කැමැත්ත ඇති කළහ.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම කුර්දි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර