عن أبي هريرة رضي الله عنه قال: أُتِي النبي صلى الله عليه وسلم برجل قد شَرِب خمرا، قال: «اضربوه». قال أبو هريرة: فمنا الضارب بيده، والضارب بنعله، والضارب بثوبه، فلما انصرف، قال بعض القوم: أخزاك الله، قال: «لا تقولوا هكذا، لا تُعِينُوا عليه الشيطان». المزيد
අබූ හුරෙයිරා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. සැබැවින්ම මත්පැන් පානය කළ මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා වෙත ගෙන එන ලදී. එතුමා (නුඹලා ඔහුට පහර දෙන්න) යැයි පැවසූහ. අබූ හුරෙයිරා තුමා තවදුරටත්: අප අතුරින් තම අතින් පහර දෙන්නන් ද තම පාවහනින් පහර දෙන්නන් ද තම ඇඳුමෙන් පහර දෙන්නන් ද විය. යැයි පවසා සිටියේය. පසුව ඔහු හැරී ගිය කල්හි ඇතැම් පිරිස්: අල්ලාහ් ඔබට අවමන් කරත්වා! පැවසීය. එතුමා: (නුඹලා එසේ නොපවසනු. ඔහුට එරෙහිව ඔබ ෂෙයිතාන්ට උපකාර නොකරනු.)