عن جابر بن عبد الله رضي الله عنهما أنّ النبيَّ صلى الله عليه وسلم قال: «أُعْطِيتُ خمسا، لم يُعْطَهُنَّ أحد من الأنبياء قبلي: نُصِرْتُ بالرعب مسيرة شهر، وجُعِلَت لي الأرض مسجدا وطَهُورا، فأَيَّمَا رجل من أمتي أدركته الصلاة فَلْيُصَلِّ، وأُحِلَّت لي المغانم، ولم تحلَّ لأحد قبلي، وأُعْطِيتُ الشفاعة، وكان النبي يُبْعَثُ إلى قومه خاصة، وبُعِثتُ إلى الناس عامَة».
[صحيح] - [متفق عليه]
المزيــد ...

සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බව ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“මට පෙර නබිවරුන් අතරින් කිසිවෙකු ට පිරි නොනැමූ කරුණු පහක් මට පිරිනමනු ලැබීය. මසක දුරක් ගමන් කරන තරමට (මා ගැන) බිය ඇති කිරීමෙන් මම උදව් කරනු ලැබුවෙමි. මහපොළොව මුළුමණින්ම නමදින ස්ථානයක් ලෙස ද පිරිසිදු ස්ථානයක් ලෙස ද පත් කරන ලදී. මාගේ සමූහයා අතරින් කවර මිනිසෙකු හෝ වේවා ඔහු සලාතයේ වේලාව ළඟා වූ විට සලාතය ඉටු කරත්වා! සතුරා විසින් යුධ බිමේ දමා යන වස්තුව මට අනුමත කරන ලදී. මට පෙර කිසිවකුට එය අනුමත කර තිබුණේ නැත. තවද මැදිහත්වීම ද මට පිරිනමන ලදී. නබිවරු තම ප්රජාවට පමණක් සුවිශේෂී ලෙස එවනු ලැබුවේය. නමුත් මම මුළු මිනිස් සංහතියටම පොදු අයකු ලෙස එවන ලද්දෙමි.”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

අපගේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව සෙසු නබිවරුන්ට වඩා ගෞරවනීය කරුණු කිහිපයකින්ම අල්ලාහ් විශේෂත්වයට පත් කර ඇත. නබිවරුන් අතරින් එතුමාණන්ට පෙරවූන්නට නොතිබූ ප්රශංසනීය කරුණුවලින් එතුමා සුවිශේෂී කරනු ලැබීය. මෙම සමූහයා පවා ගෞරවනීය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ භාග්යය තුළින් මෙම ගෞරවයන් හා මහිමයන්ගෙන් පිදුම් ලැබුවෝය. එම කරුණු අතරින් හදීසයේ ගෞරවනීය කරුණු පහක් තහවුරු කර ඇත. ඒවායින් පළමුවැන්න: සැබැවින්ම උත්තරීතර අල්ලාහ් එතුමාට උදව් කළේය. එතුමාගේ සතුරන්ට එරෙහිව එතුමාව ශක්තිමත් කළේය. එය එතුමා පිළිබඳ සතුරන් තුළ බිය ඇතිකරවීම තුළිනි. එය ඔවුන් දුර්වල කළේය. ඔවුන්ගේ පෙළගැසීම් ව්යාර්ථ කළේය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඔවුන්ගෙන් මසක් ගමන් කරන දුරින් සිටියද එය එසේම විය. එය අල්ලාහ්ගෙන් වූ ශක්තිමත් කිරීමකි. ඔහුගේ නබිවරයාට දුන් උදව්වකි. ඔහුගේ දහමට සතුරුවූවන් සඳහා වූ පරාජයකි; අසමත්භාවයකි. සැබැවින්ම එය උත්තරීතර අල්ලාහ්ගෙන් වූ ඉමහත් උපකාරයක් බවට කිසිදු සැකයක් නැත. ඒවායින් දෙවන්න: සැබැවින්ම අල්ලාහ් ගෞරවනීය නබි තුමාණන්හට විස්තීරණභාවය ලබා දී ඇත. මහපොළොව මස්ජිදයක් බවට පත් කිරීම තුළින් එතුමාගේ ප්රජාව ආශිර්වාදාත්මක ප්රජාවක් විය. කොතැනක වුවු ද ඔවුනට සලාත් වේලාව පැමිණි විට, ඔවුන් සලාතය ඉටු කරයි. ආරාම හෝ කෝවිල්වල හැර තම නැමදුම් කටයුතු වෙනත් තැන්වල ඉටු කළ නොහැකි පෙර විසූ සමූහන් මෙන් නැමදුම් කිරීම සඳහා නියමිත ස්ථානයක් කොන්දේසි වශයෙන් පනවා නැත. මෙලෙස පීඩන හා සීමා කිරීම් මෙම සමූහයාගෙන් ඉවත් කර ඇත. එය ඔහුගෙන් වූ භාග්යයක් උපකාරයක් ගෞරවයක් හා දායාදයක් ලෙසිනි. එමෙන්ම පෙර විසූ ප්රජාවන්හට ජලයෙන් මිස පිරිසිදු කිරීමට අවසරයක් නොවීය. නමුත් මෙම ප්රජාවේ පිරිසිදු කිරීම සඳහා ජලය නොලැබුනු අයකුට හෝ අත්ව ඇති හානියක් හේතුවෙන් එය භාවිත කිරීමට නොහැකි අයකුට හෝ පිරිසිදු කිරීමට පස නියම කර ඇත. තුන්වැන්න යුද බිමේ ඝාතනය කරනු ලැබූවන් හා දේවත්වය ප්රතික්ෂේප කරන්නන්ගෙන් ගනු ලබන ඔවුන් අතහැර දමා ගිය වස්තුවයි. එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට හා ඔහුගේ ප්රජාවට අනුමත විය. අල්ලාහ් පැහැදිලි කළ අයුරින් ඔවුහු ඒවා බෙදා හරිති. නමුත් පෙර විසූ නබිවරුන්හට හා ඔවුන්ගේ සමූහයන්හට ඒවා තහනම් කරන ලදී. ඔවුන් ඒවා රැස් කර තබා ගනිති. පසුව ඔවුන්ගේ ක්රියාව අල්ලාහ් පිළිගත්තේ නම් අහසින් ගින්නක් ඒ වෙත පහළ වී එය පුළුස්සා දැමීය. ඒවායින් සිව්වැන්න: සැබැවින්ම අල්ලාහ් ප්රශංසනීය ස්ථානය, ඉමහත් මැදිහත් වීම යනාදියෙන් එතුමාව සුවිශේෂී කළේය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන පිටියේ දූතවරුන් අතරින් උලුල් අස්ම් හෙවත් ප්රධාන පෙළේ දූතවරුන් පවා එදින ඒවායින් පසු බසිනු ඇත. එතුමා: ‘මම ඒ වෙනුවෙනි’ යැයි පවසයි. අර්ෂයට පහළින් සුජූද් කරයි. ඔහු සමග සිටින්නන් සමග ඔහු අල්ලාහ්ව කීර්තියට පත් කරයි. පසුව ‘ඔබ මැදිහත් වනු. මැදිහත් වීම පිළිගනු ඇත. ඔබ ඉල්ලනු එය පිරිනමනු ලබනු ඇත.’ යැයි පවසනු ලැබේ. එවිට එතුමා මැවීම් වෙනුවෙන් මැදිහත් වෙයි. එය මෙම දිගු මකාම් ස්ථානයේ ඔවුන් අතර වෙන් කරන මෙන් පතමිනි. එම ස්ථානය මුල් මුතුන්මිත්තන් මෙන්ම පසු පැමිණියවුන් යන සියල්ලෝම ආශා කරන ප්රශංසනීය ස්ථානයයි. ඒවායින් පස්වැන්න: පෙර විසූ නබිවරුන් අතරින් සෑම නබවිරයකුම ඔවුන්ගේ ප්රජාව වෙනුවෙන් ඔවුනට ප්රාර්ථනා කිරීමට වෙන් කර තිබේ. නමුත් උත්තරීතර අල්ලාහ් මෙම ෂරීආ පිළිවෙත සෑම කලකටම මෙන්ම සෑම ස්ථානයකටම උචිත අයුරින් පත් කළේය. මෙම පූර්ණත්වය හා උසස් භාවය තුළින් එහි පිහිටීමත් සමග එය අවසානය වශයෙන් පත් කර ඇත. එබැවින් එහි කිසිවක් වැඩි කිරීමට හෝ අඩු කිරීමට හෝ කිසිදු අවශ්යතාවක් නැත. එය සදාතනික හා නිරන්තර මූලාශ්රයන් තුළින් ඒවා පිහිටා ඇති බැවින් එය පූර්ණත්වයට පත් විය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි ස්වාහිලි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර