1. මුල් පිටුව
  2. සංස්කරණ
  3. මහිමයන් සහ ආචාරධර්ම

නබි වදනක් කවරෙකු “බිස්මිල්ලාහි තවක්කල්තු අලල්ලාහි වලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහ්” (අල්ලාහ්ගේ නාමයෙනි. අල්ලාහ් වෙත විශ්වාසය තබමි. කිසිදු හැරීමක් හෝ බලයක් හෝ අල්ලාහ්ගෙන් මිස සිදු වන්නේ නැත.) යැයි පවසන්නේ ද -එනම් ඔහු තම නිවසින් බැහැර වන විට- ඔබට මඟ පෙන්වනු ලැබීය. ඔබට ප්රමාණත් විය. ඔබට ආරක්ෂාව ලැබීය යැයි ඔහුට පවසනු ලැබේ. ෂෙයිතාන් ඔහුගෙන් ඉවතට විසිරී ගියේය.

عن أنس بن مالك رضي الله عنه مرفوعًا: «من قال -يعني: إذا خَرج من بَيتِه-: بِسم الله تَوَكَّلتُ على اللهِ، وَلاَ حول ولا قُوَّة إِلَّا بالله، يُقَال له: هُدِيتَ وَكُفِيتَ وَوُقِيتَ، وَتَنَحَّى عَنه الشَّيطَان». زاد أبو داود: «فيقول -يعني: الشيطان- لِشَيطان آخر: كَيف لَك بِرَجلٍ قَد هُدِيَ وكُفِيَ ووُقِيَ؟».

අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “කවරෙකු “බිස්මිල්ලාහි තවක්කල්තු අලල්ලාහි වලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහ්” (අල්ලාහ්ගේ නාමයෙනි. අල්ලාහ් වෙත විශ්වාසය තබමි. කිසිදු හැරීමක් හෝ බලයක් හෝ අල්ලාහ්ගෙන් මිස සිදු වන්නේ නැත.) යැයි පවසන්නේ ද -එනම් ඔහු තම නිවසින් බැහැර වන විට- ඔබට මඟ පෙන්වනු ලැබීය. ඔබට ප්රමාණත් විය. ඔබට ආරක්ෂාව ලැබීය යැයි ඔහුට පවසනු ලැබේ. ෂෙයිතාන් ඔහුගෙන් ඉවතට විසිරී යන්නේය.” අබූ දාවූද් තුමා මීට අමතරව “ෂෙයිතාන් තවත් ෂෙයිතානුවකු දෙස බලා: “යහමග පෙන්වනු ලැබූ; සෑහීමට පත් කරනු ලැබූ; ආරක්ෂාව සලසනු ලැබූ පුද්ගලයකු ඔබ සතු කර ගත හැක්කේ කෙසේ ද?” යැයි විමසයි.”

පූර්ව සාධක සහිත හදීසයකි ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත

විවරණය

සැබැවින්ම මිනිසකු තම නිවසින් පිට වන විට “බිස්මිල්ලාහි තවක්කල්තු අලල්ලාහි ලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහ්” (අල්ලාහ්ගේ නාමයෙනි. අල්ලාහ් වෙත විශ්වාසය තබමි. කිසිදු හැරීමක් හෝ බලයක් හෝ අල්ලාහ්ගෙන් මිස සිදු වන්නේ නැත.) යැයි පවසා සිටියේ නම්, දේව දූතයකු මෙසේ පවසයි: ‘අහෝ අබ්දුල්ලාහ්! ඔබ සත්යයේ මාර්ගය වෙත මඟ පෙන්වනු ලැබීය. ඔබේ අපේක්ෂාවන් ඔබට ප්රමාණවත් විය. සතුරන්ගෙන් ආරක්ෂාව ලැබිණ යැයි පවසයි. එවිට ඔහු වෙත නැඹරු වූ ෂෙයිතාන් ඔහුගෙන් දුරස් වන්නේය. ෂෙයිතානුවෙක් තවත් ෂෙයිතානුවෙකු බලා: “මඟ පෙන්වනු ලැබූ; සෑහීමට පත් කරනු ලැබූ; සියලු ෂෙයිතානුන්ගෙන් ආරක්ෂා කරනු ලැබූ මිනිසෙකු මුළා කරන්නට ඔබට හැකි වන්නේ කෙසේද? සැබැවින්ම ඔහු මෙම අනුවාදය ප්රකාශ කර ඇත. එබැවින් ඒ සඳහා නුඹ ශක්තිය නොදරනු ඇත.” යැයි පවසයි.

අර්ථ කථන නිරීක්ෂණය

18 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
SW Kiswahili السواحيلية