عَنْ حُذَيْفَةَ رَضيَ اللهُ عنه قَالَ:
كُنَّا إِذَا حَضَرْنَا مَعَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ طَعَامًا لَمْ نَضَعْ أَيْدِيَنَا حَتَّى يَبْدَأَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَيَضَعَ يَدَهُ، وَإِنَّا حَضَرْنَا مَعَهُ مَرَّةً طَعَامًا، فَجَاءَتْ جَارِيَةٌ كَأَنَّهَا تُدْفَعُ، فَذَهَبَتْ لِتَضَعَ يَدَهَا فِي الطَّعَامِ، فَأَخَذَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِيَدِهَا، ثُمَّ جَاءَ أَعْرَابِيٌّ كَأَنَّمَا يُدْفَعُ فَأَخَذَ بِيَدِهِ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «إِنَّ الشَّيْطَانَ يَسْتَحِلُّ الطَّعَامَ أَنْ لَا يُذْكَرَ اسْمُ اللهِ عَلَيْهِ، وَإِنَّهُ جَاءَ بِهَذِهِ الْجَارِيَةِ لِيَسْتَحِلَّ بِهَا فَأَخَذْتُ بِيَدِهَا، فَجَاءَ بِهَذَا الْأَعْرَابِيِّ لِيَسْتَحِلَّ بِهِ فَأَخَذْتُ بِيَدِهِ، وَالَّذِي نَفْسِي بِيَدِهِ، إِنَّ يَدَهُ فِي يَدِي مَعَ يَدِهَا».
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 2017]
المزيــد ...
හුදෙයිෆා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) සමඟ ආහාර වේලකට සහභාගී වූ විට, අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) එතුමාණන්ගේ අත තබන තුරු අපි අපගේ අත් නොතබමු. වරක් අපි ඔහු සමඟ ආහාර වේලකට සහභාගී වූ විට කුඩා දැරියක් ඉදිරියට තල්ලු කරනු ලබනවාක් මෙන් වේගයෙන් පැමිණියා ය. ඇය කෑමට අත තැබීමට සූදානම් වූ විට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ඇගේ අත අල්ලා ගත්හ. පසුව ගම්බද අරාබි වරයකු ඉදිරියට තල්ලු කරනු ලබනවාක් මෙන් වේගයෙන් පැමිණියේ ය. එතුමාණෝ ඔහුගේ අත ද අල්ලා ගත්තේය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පැවසූූහ: 'නියත වශයෙන්ම, අල්ලාහ්ගේ නාමය සඳහන් නොකරන ලද ඕනෑම ආහාරයකින් ෂෙයිතාන් අනුමත කර ගන්නට බලයි. ඔහු මේ කුඩා දැරිය සමග එය අනුමත කර ගන්නට පැමිණියේය. නමුත් මම ඇගේ අත අල්ලා ගත්තෙමි. පසුව ඔහු මෙම ගම්බද අරාබිවරයා සමග එය අනුමත කර ගන්නට පැමිණියේය. නමුත් මම ඔහුගේ අත ද අල්ලා ගත්තෙමි. මගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරමි! නියත වශයෙන්ම ඔහුගේ අත ඇගේ අත සමඟ මගේ ග්‍රහණයේ ඇත."
[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත] - [صحيح مسلم - 2017]
හුදෙයිෆා (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ මෙනෙහි කර සිටියේය: අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) සමඟ ආහාර වේලකට සහභාගී වූ විට, අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) අත තබා ආරම්භ කරන තෙක් අපි අපගේ අත් නොතබමු. වරක් අපි එතුමාණන් සමඟ ආහාර වේලකට සහභාගී වූ විට කුඩා දැරියක් ඉදිරියට තල්ලු කරනු ලබනවාක් මෙන් දැඩි වේගයෙන් පැමිණියා ය. ඇය කෑමට අත තැබීමට සූදානම් වූ විට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ඇගේ අත අල්ලා ගත්හ. පසුව ගම්බද අරාබි වරයකු ඉදිරියට තල්ලු කරනු ලබනවාක් මෙන් වේගයෙන් පැමිණියේ ය. එතුමාණෝ ඔහු එම ආහාරය ස්පර්ශ කිරීමට පෙර ඔහුගේ අත් දෙක අල්ලා ගත්හ. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පැවසූූහ: සර්වබලධාරී අල්ලාහ්ගේ නාමය මෙනෙහි නොකරන ලද ආහාර ගැනීම මිනිසා ආරම්භ කළ විට ෂෙයිතාන් එය අනුමත කර ගන්නට බලයි. ඔහු මේ කුඩා දැරිය සමග එම ආහාරය අනුමත කර ගන්නට පැමිණියේය. නමුත් මම ඇගේ අත අල්ලා ගත්තෙමි. පසුව ඔහු මෙම ගම්බද අරාබිවරයා සමග එය අනුමත කර ගන්නට පැමිණියේය. නමුත් මම ඔහුගේ අත ද අල්ලා ගත්තෙමි. මගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරමි! නියත වශයෙන්ම ෂෙයිතාන් ගේ අත ඇගේ අත සමග මගේ අතේ ඇත. පසුව අල්ලාහ්ගේ නාමය පවසා ආහාර අනුභව කළේය.