1. මුල් පිටුව
  2. සංස්කරණ
  3. ජීවන මඟ සහ ඉතිහාසය

නබි වදනක් එතුමා තම නිවසේ කටයුතුවල නිරතවන්නෙකු වූහ. -එනම් නිවැසියන්ට වැඩපල කර දුන්හ) නමුත් සලාතයේ වේලාව පැමිණි විට සලාතය සඳහා පිටත්ව ගියහ

عَنِ الأَسْوَدِ بنِ يَزِيدَ قَالَ:
سَأَلْتُ عَائِشَةَ مَا كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَصْنَعُ فِي بَيْتِهِ؟ قَالَتْ: كَانَ يَكُونُ فِي مِهْنَةِ أَهْلِهِ -تَعْنِي خِدْمَةَ أَهْلِهِ-، فَإِذَا حَضَرَتِ الصَّلاَةُ خَرَجَ إِلَى الصَّلاَةِ.

අස්වද් ඉබ්නු යසීද් තුමා මෙසේ පවසයි:
නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් එතුමාණන්ගේ නිවසේ සිදු කරමින් සිටියේ කුමක් දැ?යි ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගෙන් විමසන ලදී. ඇය: එතුමා තම නිවසේ කටයුතුවල නිරතවන්නෙකු වූහ. -එනම් නිවැසියන්ට වැඩපල කර දුන්හ) නමුත් සලාතයේ වේලාව පැමිණි විට සලාතය සඳහා පිටත්ව ගියහ.

صحيح رواه البخاري صحيح البخاري - 676

විවරණය

නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ නිවසේ එතුමාණන්ගේ තත්ත්වය කෙසේ වී ද? එතුමාණන් කුමක් සිදු කරමින් සිටියේ ද? යැයි ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගෙන් විමසන ලදී. ඇය, "එතුමාණන් සෙසු මිනිසුන් මෙන් කටයුතු කරන්නෙකු වූහ. මිනිසුන් තම නිවෙස්වල සිදු කරන ක්‍රියාවන් එතුමාණෝ ද සිදු කළහ. තමන් වෙනුවෙන් මෙන්ම තම නිවැසියන් වෙනුවෙන් ද වැඩපල කර දුන්හ. එතුමාණන් එළිච්චියගෙන් කිරි දෙවූහ. ඇඳුම් මසා ගත්හ, පාවහන් අළුත් වැඩියා කර ගත්හ. බඳුන් අලුත් වැඩියා කර ගත්හ. නමුත් සලාතය ඉටු කරන වේලාව පැමිණි විට, එතුමාණෝ ප්‍රමාද කිරීමකින් තොරව ඒ සඳහා පිටත්ව ගියහ." යැයි පැවසීය.

හදීසයේ හරය

  1. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ නිහතමානීකමේ පරිපූර්ණත්වය හා තම නිවැසියන්ට උපකාර කිරීම.
  2. ලෞකික කටයුතු ගැත්තාව සලාතයෙන් වෙනතකට යොමු නොකළ යුතුය.
  3. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සලාතයේ ආරම්භ වේලාවේම එය ඉටු කිරීමට වගබලාගෙන ඇත.
  4. ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි: "මෙහි නිහතමානිකම, අහංකාර නොවීම, මිනිසා තම නිවැසියන්ට වැඩ කර දීම යනාදී කරුණු පිළිබඳ උනන්දු කර ඇත".

අර්ථ කථන නිරීක්ෂණය

37 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
PRS دری الدرية
SR Српски الصربية
RO Română الرومانية
HU Magyar المجرية
KN ಕನ್ನಡ الكانادا
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية