عَنْ جَابِرِ بْنِ سَمُرَةَ رَضيَ اللهُ عَنْهُ:
أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا صَلَّى الفَجْرَ جَلَسَ فِي مُصَلَّاهُ حَتَّى تَطْلُعَ الشَّمْسُ حَسَنًا، وَقَالَ: كَانَ لَا يَقُومُ مِنْ مُصَلَّاهُ الَّذِي يُصَلِّي فِيهِ الصُّبْحَ أَوِ الغَدَاةَ، حَتَّى تَطْلُعَ الشَّمْسُ، فَإِذَا طَلَعَتِ الشَّمْسُ قَامَ، وَكَانُوا يَتَحَدَّثُونَ فَيَأْخُذُونَ فِي أَمْرِ الجَاهِلِيَّةِ، فَيَضْحَكُونَ وَيَتَبَسَّمُ.
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 670]
المزيــد ...
ජාබිර් ඉබ්නු සම්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර් තා කරන ලදී:
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ෆජ්ර් සලාතය කළ විට, හිරු හොදින් උදාවන තුරු එතුමාණෝ සලාත් කළ ස්ථානයේම වාඩි වී සිටියහ. තවත් ප්‍රකාශයක: හිරු උදාවන තුරු (සුබ්හු) අළුයම් කාල සලාතය ඉටු කළ ස්ථානයෙන් එතුමාණන් නැගිට්ටේ නැත. හිරු නැඟුනු පසු එතුමා නැඟිට සිටියේය. ඔවුන් ජාහිලියා කාලයේ දේවල් සිහිපත් කරමින් ඒවා ගැන කතා කරමින් සිනහ සෙමින් හා මද සිනහ පාමින් සිටියහ.
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم - 670]
ෆජ්ර් සලාතය ඉටු කළ විට හිරු ඉහළට නැගෙන තුරු සලාත් කළ එම ස්ථානයේම වාඩි වී සිටීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සුන්නාවකි. එතුමාණන් ෆජ්ර් සලාතය ඉටු කළ ස්ථානයෙන්, හිරු උදාවන තුරුම නැගිට ගියේ නැත. එතුමාණන් හිරු උදා වූ විට නැගිට සිටියි. සහාබාවරුන් ඉස්ලාමයට පෙර සිදු වූ ඇතැම් සිද්ධීන් පිළිබඳ එහිදී මතක් කරමින් සිනහසෙමින් සිටිති. එවිට එතුමාණෝ නිහඬ ව හිද ඇතැම් විට ඔවුන් සමග එක්ව මද සිනහ පෑහ.