عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللهُ عَنْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«لَا تَمْنَعُوا إِمَاءَ اللَّهِ مَسَاجِدَ اللَّهِ، وَلَكِنْ لِيَخْرُجْنَ وَهُنَّ تَفِلَاتٌ».
[حسن] - [رواه أبو داود] - [سنن أبي داود: 565]
المزيــد ...
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී:
"අල්ලාහ්ගේ ගැත්තනියන් අල්ලාහ්ගේ මස්ජිදවලට යාමෙන් වැළැක්වීමට උත්සාහ නොකරන්න. සුවඳ විලවුන් ආලේප කිරීමෙන් තොරව (මස්ජිදයට) යා හැකිය."
[හසන් ගණයට අයත් හදීසයකි] - [ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත] - [سنن أبي داود - 565]
කාන්තාවකගේ භාරකරු විසින් ඇයව මස්ජිදයට යෑමෙන් වැළැක්වීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තහනම් කර ඇත. නමුත් කාන්තාවන් පිටතට යන විට පිරිමින්ගේ අවදානය යොමු වී ඔවුන් අතර අර් බූද ඇති නොවන වස් සුවඳ විලවුන් ගැල්වීමෙන් තොරව අලංකාර රුව ප්‍රදර්ශනය නොකර පිටතට යන ලෙස එතුමාණෝ නියෝග කළහ.