عَنْ أَبِي هُرَيْرَةَ رَضيَ اللهُ عَنْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«إِذَا دَخَلَ أَحَدُكُمْ المَسْجِدَ فَلْيُسَلِّمْ عَلَى النَّبِيِّ وَلْيَقُلْ: اللَّهُمَّ افْتَحْ لِي أَبْوَابَ رَحْمَتِكَ، وَإِذَا خَرَجَ فَلْيُسَلِّمْ عَلَى النَّبِيِّ وَلْيَقُلْ: اللَّهُمَّ اعْصِمْنِي مِنْ الشَّيْطَانِ الرَّجِيمِ»، وَلِلْحَاكِمِ: «وَإِذَا خَرَجَ فَلْيُسَلِّمْ عَلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَلْيَقُلْ: اللَّهُمَّ أَجِرْنِي مِنَ الشَّيْطَانِ الرَّجِيمِ».
[حسن] - [رواه ابن ماجه والحاكم] - [سنن ابن ماجه: 773]
المزيــد ...
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී:
ඔබ අතරින් කිසිවකු හෝ මස්ජිදයට පිවිසුණු විට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට සලාම් පැවසිය යුතුය. ඔහු "අල්ලාහුම්මඅෆ්තහ්ලී අබ්වාබ රහ්මතික" (අහෝ අල්ලාහ්, ඔබේ කරුණාවේ දොරටු මා වෙනුවෙන් විවෘත කරනු මැනව!) යැයි පැවසිය යුතුය. පිටත්වුණු විට ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට සලාම් පැවසිය යුතුය. එමෙන්ම ඔහු "අල්ලාහුම්මඃසිම්නී මිනෂ්-ෂෙයිතානිර් රජීම්" (අහෝ අල්ලාහ්, ප්‍රතික්ෂේප කරන ලද ෂෙයිතාන්ගෙන් මා ආරක්ෂා කරනු මැනව!) යැයි පැවසිය යුතුය.
හාකිම්හි සඳහන් තවත් වාර්තාවක "පිටත්වුණු විට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට සලාම් පැවසිය යුතුය. එමෙන්ම ඔහු "අල්ලාහුම්මඃජිර් නී මිනෂ්-ෂෙයිතානිර් රජීම්" (අහෝ අල්ලාහ්, ප්‍රතික්ෂේප කරන ලද ෂෙයිතාන්ගෙන් මා ආරක්ෂා කරනු මැනව!) යැයිද පැවසිය යුතුය.
[හසන් ගණයට අයත් හදීසයකි] - [رواه ابن ماجه والحاكم] - [سنن ابن ماجه - 773]
මස්ජිදය තුළට පිවිසීමට සිතූ විටෙක නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට "අල්ලාහුම්ම සල්ලි වසල්ලිම් අලා මුහම්මදින්" යැයි පවසා සලාම් කීමටත්, පසුව අල්ලාහුම්මෆ්තහ්ලී අබ්වාබ රහ්මතික" යැයි ප්‍රාර් ථනා කිරීමටත් මුස්ලිම්වරයෙකුට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මඟ පෙන්වුහ. එමෙන්ම ඉන් පිටත් වන විට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට සලාම් කීමටත් පසුව අල්ලාහුම්මඃසිම්නී මිනෂ් ෂෙයිතානිර් රජීම් -හාකිම් හි සඳහන් තවත් වාර් තාවක් අනුව අල්ලාහුම්ඃජුර් නී මිනෂ් ෂෙයිතානිර් රජීම්' - යනුවෙන් පවසා ප්‍රාර්ථනා කිරීමටත් මඟ පෙන්වුහ.