عَنْ أَنَسِ بْنِ مَالِكٍ رَضيَ اللهُ عَنْهُ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«مَنْ صَلَّى صَلاَتَنَا وَاسْتَقْبَلَ قِبْلَتَنَا وَأَكَلَ ذَبِيحَتَنَا فَذَلِكَ المُسْلِمُ الَّذِي لَهُ ذِمَّةُ اللَّهِ وَذِمَّةُ رَسُولِهِ، فَلاَ تُخْفِرُوا اللَّهَ فِي ذِمَّتِهِ».
[صحيح] - [رواه البخاري] - [صحيح البخاري: 391]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී.
"අපගේ සලාතය ඉටු කරන, අපගේ කිබ්ලා දෙසට මුහුණ ලා සිටින සහ අප විසින් කැපූ මස් අනුභව කරන ඕනෑම අයෙකු, අල්ලාහ්ගේ ගිවිසුම සහ ඔහුගේ දූතයාණන්ගේ ගිවිසුම සතු වූ මුස්ලිම්වරයකු වේ. එබැවින් අල්ලාහ්ගේ ගිවිසුම කඩ නොකරන්න."
[صحيح] - [رواه البخاري] - [صحيح البخاري - 391]
අපගේ සලාතය මෙන් සලාත් ඉටු කිරීමෙන්, කාබාව අපගේ කිබ්ලාව ලෙස මුහුණලා, සහ අවසර ලත් පරිදි අප විසින් කැපු මස් අනුභව කිරීමෙන් ආගමේ බාහිර චාරිත්‍ර වාරිත්‍ර පිළිපදින ඕනෑම අයෙකු අල්ලාහ්ගේ සහ ඔහුගේ දූතයාගේ විශ්වාසය සහ ගිවිසුම ඇති මුස්ලිම්වරයකු බව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැවසූහ. එබැවින් අල්ලාහ් වන ඔහු සමඟ ඇති විශ්වාසය සහ ගිවිසුම කඩ නොකරන්න.