ප්‍රවර්ගය:

عَنْ أَبِي عَبْدِ اللَّهِ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ الْأَنْصَارِيِّ رَضِيَ اللَّهُ عَنْهُمَا:
أَنَّ رَجُلًا سَأَلَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، فَقَالَ: أَرَأَيْتَ إِذَا صَلَّيْتُ المَكْتُوبَاتِ، وَصُمْتُ رَمَضَانَ، وَأَحْلَلْتُ الحَلَالَ، وَحَرَّمْتُ الحَرَامَ، وَلَمْ أَزِدْ عَلَى ذَلِكَ شَيْئًا، أَأَدْخُلُ الجَنَّةَ؟ قَالَ: «نَعَمْ».

[صحيح] - [رواه مسلم] - [الأربعون النووية: 22]
المزيــد ...

අබූ අබ්දිල්ලාහ් ජාබිර් බින් අබ්දිල්ලාහ් අල්-අන්සාරී (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී:
සැබැවින්ම මිනිසෙක් අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් මෙසේ විමසා සිටියේය. මම නියම කරන ලද සලාත් ඉටු කර, රමළාන් මාසයේ උපවාසයේ නිරත වී, අනුමත දෑ මම අනුමත කරමින් ද තහනම් දෑ තහනම් කමින් ද කටයුතු කර ඊට වඩා කිසිවක් මා අමතරව ඉටු නොකළේ නම්, මට ස්වර්ගයට පිවිසිය හැකි වන්නේ ද? එතුමාණෝ "එසේය." යැයි පැවසූහ:

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත] - [الأربعون النووية - 22]

විවරණය

කවරෙකු අතිරේක සලාත් ඉටු නොකර, නියම කරන ලද පස්වාර සලාත් පමණක් ඉටු කළේ ද, අමතර උපවාසයේ නිරත නොවී රමළාන් උපවාස ශීලය පමණක් රැක්කේ ද, අනුමත දෑ අනුමත යැයි විශ්වාස කොට එය ඉටු කළේ ද, තහනම් දෑ තහනම් බව විශ්වාස කොට ඉන් වැළකී සිටියේ ද සැබැවින්ම ඔහු ස්වර්ගයට පිවිසෙන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙහි පැහැදිලි කර සිටියි.

හදීසයේ හරය

  1. අනිවාර්යය කරන ලද දෑ සිදු කිරීම හා තහනම් කරන ලද දෑ අත්හැරීම සඳහා මුස්ලිම්වරයා උනන්දුව දක්වයි, ඔහුගේ අරමුණ විය යුත්තේ ස්වර්ගයට පිවිසීමය.
  2. හලාල් හෙවත් අනුමත දෑ සිදු කිරීමේ හා එය අනුමත යැයි විශ්වාස කිරීමේ වැදගත්කම හා තහනම් දෑ තහනම් කිරීමේ හා එය තහනම් යැයි විශ්වාස කිරීමේ වැදගත්කම.
  3. අනිවාර්යය කරන ලද දෑ ඉටු කිරීම හා තහනම් කරන ලද දෑ අත්හැරීම ස්වර්ගයට පිවිසීමට හේතු වේ.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (54)
ප්‍රවර්ග
අමතර