عَنْ أَبِي عَمْرٍو- وَقِيلَ: أَبِي عَمْرَةَ-، سُفْيَانَ بْنِ عَبْدِ اللَّهِ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ:
قُلْتُ: يَا رَسُولَ اللهِ، قُلْ لِي فِي الْإِسْلَامِ قَوْلًا لَا أَسْأَلُ عَنْهُ أَحَدًا غَيْرَكَ، قَالَ: «قُلْ: آمَنْتُ بِاللهِ، ثُمَّ اسْتَقِمْ».
[صحيح] - [رواه مسلم] - [الأربعون النووية: 21]
المزيــد ...
අබූ අම්රින් - අබූ අම්රා යන නමින් ද හැඳින්වේ - සුෆ්යාන් ඉබ්නු අබ්දිල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර් තා කරන ලදී:
අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, ඔබෙන් හැර වෙනත් කිසිවකුගෙන් මා අසා නැති ඉස්ලාමයේ ප්‍රකාශයක් මා හට පවසන්නැයි මම පවසා සිටියෙමි. එතුමාණෝ: "'මම අල්ලාහ්ව විශ්වාස කළෙමි' යැයි ඔබ පවසා පසු ව එහි ස්ථාවර ව සිටින්න" යැයි පැවසූහ.
[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත] - [الأربعون النووية - 21]
සුෆ්යාන් ඉබ්නු අබ්දිල්ලාහ් (රළියල්ලාහු අන්හු) නම් සහාබිවරයා තමන් කිසිවකුගෙන් මීට පෙර අසා නැති, තමන් එය පිළිපැදිය යුතු ඉස්ලාමයේ අර්ථ පූර්ණ වූ ප්‍රකාශයක් තමන්ට උගන්වන මෙන් හෙතෙම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් විමසා සිටියේය. එවිට එතුමාණෝ ඔහුට: මම අල්ලාහ්ව ඒකීයත්වයට පත් කරමි. සැබැවින්ම ඔහු මාගේ පරමාධිපතියා ය; මාගේ දෙවිඳා ය; මාගේ මැවුම්කරු ය; සැබෑ ලෙස නැමදුම් ලබන්නා ඔහු ය ඔහුට කිසිදු හවුල්කරුවකු නොමැත යන වග මම විශ්වාස කළෙමි යැයි ඔබ පවසන්න. පසුව අල්ලාහ්ගේ නියමයන් ඉටු කිරීමෙන් හා ඔහු තහනම් කළ දෑ අත් හැරීමෙන් ඔහුට අවනත විය යුතු වේ. ඒ මත ස්ථාවරව සිටිය යුතු වේ.