عَنْ إِبرَاهِيمَ النَّخَعِيِّ عَنْ هَمَّامِ بنِ الحَارِثِ قَالَ:
بَالَ جَرِيرٌ، ثُمَّ تَوَضَّأَ، وَمَسَحَ عَلَى خُفَّيْهِ، فَقِيلَ: تَفْعَلُ هَذَا؟ فَقَالَ: نَعَمْ، رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بَالَ، ثُمَّ تَوَضَّأَ وَمَسَحَ عَلَى خُفَّيْهِ. قَالَ الأَعْمَشُ: قَالَ إِبْرَاهِيمُ: كَانَ يُعْجِبُهُمْ هَذَا الحَدِيثُ؛ لِأَنَّ إِسْلَامَ جَرِيرٍ، كَانَ بَعْدَ نُزُولِ المَائِدَةِ.
[صحيح] - [متفق عليه] - [صحيح مسلم: 272]
المزيــد ...
ඉබ්රාහීම් අන්-නහඃඊ තුමා හම්මාම් ඉබ්නු අල්-හාරිස් ගෙන් ලබා මෙසේ ප්‍රකාශ කරයි:
ජරීර් තුමා මූත්‍රා කළ පසු ජලයෙන් වුළු දෝවනය කර එතුමාගේ හම් සපත්තු දෙක මත මස්හ් කළේය. එවිට ඔබ මෙසේ සිදු කරනුයේ ඇයි දැයි විමසන ලදී. එවිට එතුමා: එසේය, අල්ලාහ්ගේ දූතයාණන් මූත්‍රා කළ පසු ජලයෙන් වුළු දෝවනය කර එතුමාණන්ගේ හම් සපත්තු දෙක මත මස්හ් කරනු මම දැක ඇත්තෙමි. ඉබ්‍රාහීම් තුමා ප්‍රකාශ කළ බව අල්මෂ් තුමා මෙසේ පවසයි: මෙම හදීසය ඔවුන් මවිතට පත් කළේය. මක්නිසාදයත් ජරීර් තුමා ඉස්ලාමය වැළඳගෙන තිබුණේ සූරා අල්-මාඉදා පහළ වීමෙන් පසු ව වූ බැවිනි.
[صحيح] - [متفق عليه] - [صحيح مسلم - 272]
ජරීර් ඉබ්නු අබ්දිල්ලා (රළියල්ලාහු අන්හු) තුමා මූත්‍රා කර, පසුව වුළූ දෝවනය කළේය. එහි දී එතුමාගේ දෙපා සේදීමකින් තොරව හම් සපත්තු දෙක මත මස්හ් පමණක් සිදු කර ගත්තේය. එවිට ඔහු අවට සිටි අය: ඔබ මෙසේ සිදු කරනුයේ ඇයි? දැයි විමසුවෝය. එවිට එතුමා: "එසේය, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මූත්‍රා කර, පසුව වුළූ දෝවනය කර එතුමාණන්ගේ හම් සපත්තු දෙක මත මස්හ් කරනු මම දැක ඇත්තෙමි." යැයි පැවසුවේය. ජරීර් තුමා ඉස්ලාමය වැළඳගෙන තිබුණේ ප්‍රමාදව සූරා අල්-මාඉදා පහළ වීමෙන් පසු ව වූ බැවිනි. මෙම පාඨයෙන් හම් සපත්තු දෙක මස්හ් කිරීමේ නීතිය වෙනස් කර නැති බව හෙතෙම පෙන්වා දුන්නේය.