عن المغيرة بن شعبة رضي الله عنه قال: ((كُنت مع النبيَّ -صلَّى الله عليه وسلَّم- في سَفَر، فأهْوَيت لِأَنزِع خُفَّيه، فقال: دَعْهُما؛ فإِنِّي أدخَلتُهُما طَاهِرَتَين، فَمَسَح عليهما)).
[صحيح] - [متفق عليه، واللفظ للبخاري]
المزيــد ...

අල් මුගීරා ඉබ්නු ෂුඃබා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. එතුමා මෙසේ පැවසීය.: "c2">“මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග ගමනක නිරතව සිටියෙමි. එවිට එතුමාගේ හම් මේස් සපත්තු කුට්ටම ගලවන්නට නැවී අත දිගු කළෙමි. එවිට එතුමා ඒ දෙක අතහරින්න. සැබැවින්ම මම ඒ දෙක පිරිසිදු තත්ත්වයේ තිබියදී පැළඳ ඇත්තෙමි යැයි පවසා පසුව එතුමා ඒ දෙක මත පිරිමැද්දාහ.”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත. එම පද පෙළ ඉමාම් බුහාරිට අයත්ය.

විවරණය

අල් මුගීරා (රළියල්ලාහු අන්හු) තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ගිය ගමන් අතරින් එක් ගමනක එතුමාණන් සමග සහභාගී වූහ. -එය තබූක් යුද්ධයේදී ගිය ගමනකි- නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වුළුවෙහි පිළිවෙත ආගමානුගත කළ කල්හි එතුමා එතුමාගේ මුහුණ හා අත් දෙක සෝදා එතුමාගේ හිස පිරිමැද්දාහ. මූගීරා තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ පාද දෙක සේදීම සඳහා හම් සපත්තු දෙක ගලවන්නට නැවී අත දිගු කළේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඒ දෙක අතහරින්න. ඒ දෙක ගලවන්න එපා. සැබැවින්ම මාගේ කකුල හම් සපත්තු තුළට ඇතුළත් කළේ මා පිරිසිදුව සිටියදීය. යැයි පවසා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා පාද දෙක සේදීම වෙනුවට එතුමාගේ හම් සපත්තු මත පිරිමැද්දාහ. මේස් පැළදීමේදී නීතිය ද එයමය. හම් සපත්තු මත ක්රියාත්මක නීතියම ගනු ලැබේ.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් ස්වාහිලි දමිළ තායිලන්ත පශ්ටු ආසාමි السويدية الأمهرية الهولندية الغوجاراتية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර