+ -

عَنْ أَبِي سَعِيدٍ الخُدْرِيِّ رضي الله عنه أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«إِذَا سَمِعْتُمُ النِّدَاءَ، فَقُولُوا مِثْلَ مَا يَقُولُ المُؤَذِّنُ».

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 611]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබු සඊද් අල්-කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"ඔබ අදාන් ඇරයුමට සවන් දුන් විටෙක, මුඅද්දීන් (ඇරයුම කරන්නා) පවසන අයුරින්ම පවසන්න."

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 611]

විවරණය

මුඅද්දින්ගේ ඇරයුමට සවන් දුන් විටෙක, එයට පිළිතුරු දීම සඳහා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දිරිමත් කළහ. එය වාක්‍යයෙන් වාක්‍යය ඔහු පවසන පරිදිම පැවසීමෙනි. ඒ අනුව ඔහු 'අල්ලාහු අක්බර්' යැයි තක්බීර් පවසන විට, ඔහුගෙන් පසුව අප ද තක්බීර් පැවසීම, සාක්ෂියේ ප්‍රකාශ දෙක පවසන විට, ඔහුගෙන් පසුව අප ද ඒ දෙක පවසා සිටිය යුතුයි. නමුත් "හය්ය අලස් සලාහ්, හය්ය අලල් ෆලාහ්" යන ප්‍රකාශයට දෙනු ලබන පිළිතුර වෙනස්ය. ඒ දෙකින් පසුව 'ලා හවුල වලා කුව්වත ඉල්ලා බිල්ලාහ්' යනුවෙන් පවසනු ලැබේ.

හදීසයේ හරය

  1. හදීසයේ පොදු අදහස අනුව, මුඅද්දින්වරු කිහිප දෙනෙකුගේ ඇරයුම ඇසුණ ද පළමු මුඅද්දින්වරයා අවසන් කළ පසු දෙවන මුඅද්දින් වරයා ද අනුගමනය කරමින් පිළිතුරු ‌දිය යුතුය.
  2. වැසිකිලි අවශ්‍යතා හෝ වෙනත් අවශ්‍යතාවක නියැලී සිටියේ නම් මිස ඔහු වෙනත් කවර තත්ත්වයක සිටිය ද ඒ සෑම අවස්ථාවකදීම මඅද්දින්ට පිළිතුරු ‌දිය යුතුය.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ තායිලන්ත ජර්මානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية Yoruba الليتوانية الدرية الصربية الصومالية Kinyarwanda الرومانية المجرية التشيكية الموري Malagasy Oromo Kannada الولوف Azeri الأوكرانية الجورجية المقدونية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර