عن عائشة رضي الله عنها مرفوعاً: ما خُيِّر رسول الله صلى الله عليه وسلم بين أمرين قط إلا أخذ أيسرهما، ما لم يكن إثما، فإن كان إثما، كان أبعد الناس منه، وما انتقم رسول الله صلى الله عليه وسلم لنفسه في شيء قط، إلا أن تُنْتهَك حرمة الله، فينتقم لله تعالى .
[صحيح] - [متفق عليه]
المزيــد ...

ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “කිසියම් විටෙක අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හට කරුණු දෙකක් අතර තෝරා ගන්නට යමක් දෙනු ලැබූ විට, පාපයක් නොවන තාක් කල් ඒ දෙකින් වඩාත් පහසුම දෑ එතුමාණන් ගත්තේය. එය පාපයක් වූයේ නම් එයින් ජනයාට වඩා එතුමාණෝ දුරස් වන්නෙකු වූහ. කිසිම විටෙක කිසියම් කටයුත්තක තමන් පෞද්ගලික හේතුවක් නිසා අල්ලාහ්ගේ දූතයාණෝ පළිගන්නෙකු නොවූහ. නමුත් අල්ලාහ්ගේ ගෞරවණීය දෙයක් වළක්වනු ලැබුවේ නම් මිස එවිට උත්තරීතර අල්ලාහ් වෙනුවෙන් එතුමාණෝ සමප්රතිචාර දැක්වූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

මුස්ලිම්වරයකු පිළිපැදිය යුත්තේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තුළින් මතුවන කරුණු මත අනුව බව මෙම හදීසයේ සඳහන්ව ඇත. සැබැවින්ම එතුමාට ආගමික හෝ ලෞකික කටයුතු අතරින් කටයුතු දෙකක් තෝරා ගැනීම සඳහා නිදහස දෙනු ලැබූ විට, එහි පාපය ඇති නොවන කල්තාක් ඒ දෙකින් වඩාත් පහසුම දේ තෝරා ගන්නෙකු වූහ. තම පෞද්ගලික දෑ වෙනුවෙන් එතුමාණන් කිසි විටෙක කෝප වූයේ නැත. එසේ කෝප වූ පුද්ගලයාගෙන් පළිගත්තේ ද නැත. එතුමාණන් යම් ප්රතිචාරයක් දැක්වූයේ නම් එය අල්ලාහ් වෙනුවෙන් කෝප වූ අවස්ථාකවකය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය