عَنْ أبي سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ أَنَّ جَابِرَ بْنَ عَبْدِ اللَّهِ الأَنْصَارِيِّ رَضِيَ اللَّهُ عَنْهُمَا قَالَ: وَهُوَ يُحَدِّثُ عَنْ فَتْرَةِ الوَحْيِ، فَقَالَ فِي حَدِيثِهِ:
«بَيْنَا أَنَا أَمْشِي إِذْ سَمِعْتُ صَوْتًا مِنَ السَّمَاءِ، فَرَفَعْتُ بَصَرِي، فَإِذَا المَلَكُ الَّذِي جَاءَنِي بِحِرَاءٍ جَالِسٌ عَلَى كُرْسِيٍّ بَيْنَ السَّمَاءِ وَالأَرْضِ، فَرُعِبْتُ مِنْهُ، فَرَجَعْتُ فَقُلْتُ: زَمِّلُونِي، فَأَنْزَلَ اللَّهُ تَعَالَى: {يَا أَيُّهَا المُدَّثِّرُ1 قُمْ فَأَنْذِرْ} [المدثر: 2] إِلَى قَوْلِهِ {وَالرُّجْزَ فَاهْجُرْ} [المدثر: 5]. فَحَمِيَ الوَحْيُ وَتَتَابَعَ».
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 4]
المزيــد ...
අබූ සලමා බින් අබ්දිර් රහ්මාන් තුමා විසින් වාර් තා කරන ලදී. සැබැවින්ම ජාබිර් බින් අබ්දිල්ලාහ් අල්-අන්සාරී (රළියල්ලාහු අන්හුමා) තුමා දිව්‍ය පණිවිඩ පහළ වූ කාලය ගැන කතා කරමින් ඔහුගේ කතාවේ මෙසේ පැවසීය:
මම ගමන් කරමින් සිටිය දී අහසින් නිකුත් වූ හඬකට සවන් දුනිමි. මාගේ බැල්ම ඉහළට එසවිනි. එවිට හිරා ගුහාවේ මා වෙත පැමිණි මලක් (සුරදූතයා) අහස හා මහපොළොව අතර ඇති ආසනයක වාඩි වී සිටියේය. ඔහු ගැන මා බියට පත් ව, හැරී ගොස් 'මා පොරවා දමන්න' යැයි පැවසුවෙමි. එවිට උත්තරීතර අල්ලාහ් "යා අය්යුහල් මුද්දස්සිර් යන (සූරා අල්-මුද්දස්සිර්හි 1 වැනි වැකියේ සිට) "වර්-රුජ්ස ෆහ්ජුර්" (සූරා අල්-මුද්දස්සිර්හි 5 වැනි වැකිය දක්වා) පහළ කළේය. ඉන්පසු දිව්‍ය හෙළිදරව්ව තීව්‍ර වී දිගටම පැවතුනි.
[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 4]
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දිව්‍ය පණිවිඩ තමන් වෙත පහළ වූ ආරම්භ කාලයේ එය යම් කාලයක් විසන්ධි වී තිබීම හා නතර වී තිබීම ගැන කතා කරමින් මෙසේ පැවසූහ: "මම මක්කාවේ මංතීරුවක ගමන් කරමින් සිටිය දී අහසින් නිකුත් වූ හඬකට සවන් දුනිමි. මාගේ බැල්ම ඉහළට ඔසවා බැලුවෙමි. එවිට හිරා ගුහාවේ මා වෙත පැමිණි මලක් (සුරදූතයා) අහස හා මහපොළොව අතර ඇති ආසනයක වාඩි වී සිටියේය. ඔහු ගැන මා බියට පත් ව, ත්‍රාසයට පත්වූයෙමි. පසුව මම මාගේ පවුල වෙත හැරී ගොස් 'රෙදිකඩකින් මා පොරවන්නැ'යි පැවසුවෙමි." එවිට උත්තරීතර අල්ලාහ් "යා අය්යුහල් මුද්දස්සිර්" රෙදිකඩින් පොරවාගෙන සිටින්නානනි, "කුම්" ප්‍රචාරක කටයුතු සඳහා ඔබ නැගී සිටින්න. "ෆඅන්දිර්" ඔබේ දූත පණිවිඩය විශ්වාස නොකරන අයට ඔබ අවවාද කරන්න." යන වැකි පහළ කළේය. "වරබ්බුක" තවද නැමදුමට සුදුසු ඔබේ දෙවිඳාට "ෆකබ්බිර්" ප්‍රශංසා කර ගරු බුහුමන් කරන්න. "වසියාබක" තවද ඔබේ වස්ත්‍රය "ෆතහ්හිර්" කිලිටි දැයින් පිරිසිදු කර ගන්න. "වර්-රුජ්ස" පිළිම හා පිළරූ නැමදීමෙන් දුරස් ව සිටින්න. "ෆහ්ජුර්" ඒවා අත්හැර දමන්න. ඉන් පසු වහී බලවත් විය. අධිකව පහළ වන්නට ගත්තේය.