عَنْ عَمْرِو بْنِ الحَارِثِ خَتَنِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَخِي أُمِّ المؤمِنين جُوَيْرِيَةَ بِنْتِ الحَارِثِ رَضِيَ اللَّهُ عَنْهُم، قَالَ:
مَا تَرَكَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عِنْدَ مَوْتِهِ دِرْهَمًا وَلاَ دِينَارًا وَلاَ عَبْدًا وَلاَ أَمَةً وَلاَ شَيْئًا، إِلَّا بَغْلَتَهُ البَيْضَاءَ، وَسِلاَحَهُ، وَأَرْضًا جَعَلَهَا صَدَقَةً.
[صحيح] - [رواه البخاري] - [صحيح البخاري: 2739]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මස්සිනා, මුඃමින්වරුන්ගේ මැණියක වූ ජුවෙයිරිය්යා බින්ත් අල්-හාරිස්ගේ සහෝදරයා වන අම්ර් ඉබ්නු අල්හාරිස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර් තා කරන ලදී.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මරණයට පත් වූ අවස්ථාවේ දී එතුමාණෙන්ගේ සුදු ඔටුවා, එතුමාණන්ගේ ආයුධ සහ පුණ්‍යාධාරයක් ලෙස නියම කළ භූමි කොටසක් හැර කිසිදු රිදී කාසියක් හෝ රන් කාසියක් හෝ වහලෙකු හෝ වහලියක හෝ කිසිවක් ඉතිරි කර හැරදමා ගියේ නැත.
[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත] - [صحيح البخاري - 2739]
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මරණයට පත් වූ අවස්ථාවේ දී එතුමාණන් ප්‍රවාහන කටයුතු සඳහා භාවිතා කළ සුදු ඔටුවා, උසුලාගෙන සිටි එතුමාණන්ගේ ආයුධ, පුණ්‍යාභාරයක් ලෙස නියම කළ එතුමාණන්ගේ ආයුධ සහ නිරෝගීව සිටිය දී සරණාගතයින් සඳහා පුණ්‍යාධාරයක් ලෙස නියම කළ භූමි කොටසක් හැර කිසිදු රිදී කාසියක් හෝ රන් කාසියක් හෝ වහලෙකු හෝ වහලියක හෝ එළුවෙකු හෝ කොටළුවෙකු හෝ කිසිදු සම්පතක් හෝ හැරදමා ගියේ නැත.