عن عائشة رضي الله عنها ، قالت: سمعت النبي صلى الله عليه وسلم وَهُوَ مُسْتَنِدٌ إلَيَّ، يَقُولُ: «اللَّهُمَّ اغْفِرْ لِي وارْحَمْنِي، وأَلْحِقْنِي بالرَّفِيقِ الأَعْلَى».
[صحيح] - [متفق عليه]
المزيــد ...
නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා තමන් වෙත හාන්සි වී සිටිය දී කළ ප්රකාශයකට තමන් සවන් දුන් බව ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. ((යා අල්ලාහ් මට සමාව දෙනු මැනව, මට කරුණා කරනු මැනව, උත්තරීතර මිතුරා සමඟ මා ද සේන්දු කරනු මැනව.))
[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]
අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ අවසන් මොහොත ළඟා වූ කල්හි විශ්වාසවන්තයින්ගේ මව් වූ ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය වෙත හාන්සි වෙමින් උත්තරීතර මිතුරා සමග තමන්වද එක් කරන මෙන් තම පරමාධිපතිගෙන් අයැද සිටියහ. ඔවුන් වනාහි නබිවරු (දෙවි දූතයෝ) සිද්දීකීන්වරු (සත්යවාදීහු) ෂුහදාවරු (දිවි පිදූවෝ) සාලිහීන්වරු (දැහැමියෝ) වෙති.
අර්ථ කථන නිරීක්ෂණය