عن عائشة رضي الله عنها ، قالت: سمعت النبي صلى الله عليه وسلم وَهُوَ مُسْتَنِدٌ إلَيَّ، يَقُولُ: «اللَّهُمَّ اغْفِرْ لِي وارْحَمْنِي، وأَلْحِقْنِي بالرَّفِيقِ الأَعْلَى».
[صحيح] - [متفق عليه]
المزيــد ...

නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා තමන් වෙත හාන්සි වී සිටිය දී කළ ප්රකාශයකට තමන් සවන් දුන් බව ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. ((යා අල්ලාහ් මට සමාව දෙනු මැනව, මට කරුණා කරනු මැනව, උත්තරීතර මිතුරා සමඟ මා ද සේන්දු කරනු මැනව.))
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ අවසන් මොහොත ළඟා වූ කල්හි විශ්වාසවන්තයින්ගේ මව් වූ ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය වෙත හාන්සි වෙමින් උත්තරීතර මිතුරා සමග තමන්වද එක් කරන මෙන් තම පරමාධිපතිගෙන් අයැද සිටියහ. ඔවුන් වනාහි නබිවරු (දෙවි දූතයෝ) සිද්දීකීන්වරු (සත්යවාදීහු) ෂුහදාවරු (දිවි පිදූවෝ) සාලිහීන්වරු (දැහැමියෝ) වෙති.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් හවුසා දමිළ
අර්ථ කථන නිරීක්ෂණය