1. මුල් පිටුව
  2. සංස්කරණ
  3. ජීවන මඟ සහ ඉතිහාසය

නබි වදනක් සැබැවින්ම මම ශාප කරන්නෙකු ලෙස කිසිවිටෙකත් එවනු ලැබුවේ නැත. සැබැවින්ම මම එවනු ලැබුවේ දයාවක් ලෙසිනි

عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: قِيلَ: يَا رَسُولَ اللهِ ادْعُ عَلَى المُشْرِكِينَ قَالَ:
«إِنِّي لَمْ أُبْعَثْ لَعَّانًا، وَإِنَّمَا بُعِثْتُ رَحْمَةً».

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී. "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! බහුදේවවාදීන්ට ශාප කරන්න" යැයි කියනු ලැබීය. එතුමාණෝ මෙසේ පැවසූහ.
"සැබැවින්ම මම ශාප කරන්නෙකු ලෙස කිසිවිටෙකත් එවනු ලැබුවේ නැත. සැබැවින්ම මම එවනු ලැබුවේ දයාවක් ලෙසිනි."

صحيح رواه مسلم صحيح مسلم - 2599

විවරණය

බහුදේවවාදීන්ට එරෙහිව අල්ලාහ්ගෙන් ප්‍රාර් ථනා කරන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් ඉල්ලා සිටිනු ලැබීය. එවිට එතුමාණෝ: "අල්ලාහ් විසින් මා එවන ලද්දේ මිනිසුන්ට ශාප කිරීමට, දෙවියන් වහන්සේගේ දයාවෙන් ඔවුන් ඈත් කර නෙරපා හැරීමට, හෝ එමඟින් ඔවුනට යහපත අහිමි කිරීමට ප්‍රාර් ථනා කිරීමට නොවේ. ඒ වෙනුවෙන් මා එවනු ලැබුවේ නැත. සැබැවින්ම මා එවනු ලැබුවේ පොදුවේ මිනිසුන්ට සහ විශේෂ යෙන් විශ්වාස කරන්නන්ට යහපත්කම සහ දයාව සඳහා හේතුවක් වීමට ය.

හදීසයේ හරය

  1. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ගුණධර්මයෙහි පරිපූර් ණත්වය.
  2. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ආදර් ශය අනුගමනය කරමින්, අපහාස හා ශාප වලින් තොරව දිව ආරක්ෂිතව තබා ගැනීමේ වැදගත්කම.
  3. ශාප කිරීම තහනම් බව මෙහි සඳහන් වේ.
  4. මිනිසුනට දයාව හා කරුණාව පෙන්වීමට උනන්දු කිරීම.

අර්ථ කථන නිරීක්ෂණය

29 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TH ไทย التايلندية
AS অসমীয়া الأسامية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
PRS دری الدرية
SR Српски الصربية
HU Magyar المجرية
KN ಕನ್ನಡ الكانادا
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية