عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«اللهُمَّ إِنَّمَا أَنَا بَشَرٌ، فَأَيُّمَا رَجُلٍ مِنَ المُسْلِمِينَ سَبَبْتُهُ أَوْ لَعَنْتُهُ أَوْ جَلَدْتُهُ فَاجْعَلْهَا لَهُ زَكَاةً وَرَحْمَةً».
[صحيح] - [متفق عليه] - [صحيح مسلم: 2601]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර් තා කරන ලදී.
"අහෝ අල්ලාහ්, මම ද මනුෂ්‍යයෙකි. මුස්ලිම්වරුන් අතරින් කිසියම් තැනැත්තෙකුට මම බැණ වැදුණේ නම් හෝ ශාප කළේ නම් හෝ කසපහර දුන්නේ නම් හෝ ඔහුට එය දානයක් සහ දයාවක් බවට පත් කරනු මැනව!"
[صحيح] - [متفق عليه] - [صحيح مسلم - 2601]
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රාර් ථනා කර සිටියහ: "අහෝ අල්ලාහ්, මම ද මනුෂ්‍යයෙක් වෙමි. මිනිසුන් කෝප වනවාක් මෙන් මම ද කෝපයට පත්වෙමි. කිසියම් මුඃමින්වරයකුට මම හිංසාවක් කළේ නම් හෝ දොස් නැගුවේ නම් හෝ බැණ වැදුණේ නම් හෝ ශාප කළේ නම් හෝ ඔබේ දයාවෙන් නෙරපාලන්නට ප්‍රාර් ථනා කළේ නම් හෝ කසපහර පිරිනැමුවේ නම් හෝ පහර දුන්නේ නම් හෝ එය ඔහුට දානයක් දයාවක් පිවිතුරු කිරීමක් ප්‍රතිකර්මයක් හා එමගින් කරුණාව ලබන ආශිර්වාදයක් බවත් පත් කරනු මැනව!