عن أبي هريرة رضي الله عنه أن رسول الله صلى الله عليه وسلم قال: «ما نقصت صدقة من مال، وما زاد الله عبدا بعفو إلا عزا، وما تواضع أحد لله إلا رفعه الله عز وجل »
[صحيح] - [رواه مسلم]
المزيــد ...
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “සදකා නොහොත් දානය කිසිදු ධනයක් අඩු නොකරයි. අල්ලාහ් ගැත්තාට සමාව දීම තුළින් ගෞරවය මිස වෙනකක් වැඩි වන්නේ නැත. අල්ලාහ් වෙනුවෙන් කිසිවකු යටහත් වන්නේ ද කීර්තිමත් අල්ලාහ් ඔහුව උසස් කරනු මිස නැත.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.
(සදකා නොහොත් දානය කිසිදු ධනයක් අඩු නොකරයි.) එහි අර්ථය: සැබැවින්ම සදකාව හෙවත් දානය නිකුත් කළ විට සැබැවින්ම එය ධනය අඩු නොකරන අතර ඒ වෙනුවට එය වර්ධනය කරයි. එහි සමෘද්ධිය ඇති කරයි. ඇතිවන අනතුරුවලින් වළක්වාලයි. ධනයේ වර්ධනයක් පෙන්නුම් කරයි. එය, අල්ලාහ් ගැත්තාට ජීවනෝපා මාර්ගයන් විවෘත කිරීමෙන් පවතින ප්රමාණයේ වර්ධනයක් විය හැක. එසේ නැතහොත් නිකුත් කළ සදකාවේ ප්රමාණය වර්ධනය කරන බරකත් හෙවත් සමෘද්ධිය අල්ලාහ් පහළ කිරීමෙන් එහි ක්රමවේදයේ වර්ධනයක් විය හැක. (අල්ලාහ් ගැත්තාට සමාව දීම තුළින් ගෞරවය මිස වෙනකක් වැඩි වන්නේ නැත.) එනම් කවරෙකු සමාව දීම පිළිබඳ වටහා ගෙන, දොස් පැවරීම හා නින්දා කිරීම අතහැර දමන්නේ ද එවිට සැබැවින්ම ඔහුගේ සිත් තුළ මෙහෙයවීමක් සිදුවනු ඇත. ගරුත්වයක් ලබනු ඇත. මෙලොව හා මතුලොව ගෞරවය, උසස් බව වැඩිවනු ඇත. (අල්ලාහ් වෙනුවෙන් කිසිවකු යටහත් වන්නේ ද අල්ලාහ් ඔහුව උසස් කරනු මිස නැත.) එහි අර්ථය: කවරෙකු අල්ලාහ්ට යටහත් පහත් වී, ඔහු ඉදිරියේ වැටී කටයුතු කරන්නේ ද යන්නයි. ඔහු මැවීම් අවට සිට ඒවා සමග මෘදු ලෙස කටයුතු කරන්නාය. එය මුස්ලිම්වරුන්ට වඩාත් උනන්දුවක් ඇති කරන්නකි. එහෙයින් මෙම ගුණාංග වනාහි කවරෙකු ඒවා අනුගමනය කරන්නේ ද ඔහුට මෙලොවෙහි උසස් භාවය ද හදවත තුළ ආදරය ද ස්වර්ගයේ උසස් තරාතිරම් ද වර්ධනය කරනු මිස නැත.