عن أبي ذر الغفاري رضي الله عنه أن ناسًا من أصحاب رسول الله -صلى الله عليه وآله وسلم- قالوا للنبي -صلى الله عليه وآله وسلم-: يا رسول الله، ذهب أهل الدُّثُور بالأجور: يُصلون كما نُصلِّي ويَصُومون كما نصومُ، ويَتصدقون بفُضُول أموالِهم. قال: أوليس قد جعل الله لكم ما تَصَّدَّقُون: إن بكل تَسْبِيحَةٍ صَدَقَةً، وكل تَكْبِيرَةٍ صَدَقَةً، وكل تَحْمِيدَةٍ صَدَقَةً، وكلِّ تَهْلِيلَةٍ صَدَقَةً، وأمرٌ بمعروفٍ صَدَقَةٌ، ونَهْيٌ عن مُنكرٍ صَدَقَةٌ، وفي بُضْع أحدكم صدقة. قالوا: يا رسول الله، أيأتي أحدنا شهوتَه ويكونُ له فيها أجر؟ قال أرأيتم لو وضعها في حرام أكان عليه وِزْرٌ؟ فكذلك إذا وضعها في الحلال كان له أجرٌ.
[صحيح] - [رواه مسلم]
المزيــد ...

අබූ දර් අල් ගිෆාරි (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන්(සල්ලල්ලාහු අලයිහි වසල්ලම්)ගේ මිතුරන් අතරින් පිරිසක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට: අල්ලාහ්ගේ දූතයාණනි, ධනවත් අය ප්රතිඵල වලින් ඉදිරියට ගොස් ඇත. අප සලාත් ඉටු කරන්නාක් මෙන් ඔවුහු ද සලාත් ඉටු කරති. අප උපවාසය රකින්නාක් මෙන් ඔවුහු ද උපවාසය රකිති. අමරත ව ඔවුන්ගේ ධනයෙන් ඔවුහු දානමාන (පුණ්ය කටයුතු ද සිදු) කරති යැයි පවසා සිටියහ. එවිට එතුමාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්): "c2">“නුඹලා පුණ්ය කටයුතුවල නිරතවන දෑ අල්ලාහ් නුඹලාට ඇති නොකළේ ද? (සුබ්හානල්ලාහ් - -අල්ලාහ් සුවිශුද්ධය- යැයි පවසන) සෑම තස්බීහයක්ම දානයකි. (අල්ලාහු අක්බර් - අල්ලාහ් අතිශ්රේෂ්ඨය- යැයි පවසන) සෑම තක්බීරයක්ම දානයකි. (අල්හම්දුලිල්ලාහ් - සියල පැසසුම් අල්ලාහ්ටය- යැයි පවසන) සෑම තහ්මීදයක්ම දානයකි. (ලා ඉලාහ ඉල්ලල්ලාහ් - නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත යැයි පවසන) සෑම තහ්ලීලයක්ම දානයකි. යහපත විධානය කිරීමත් දානයකි. පිළිකුල් සහගත දැයින් වැළැක්වීමත් දානයකි. නුඹලා අතර කෙනෙකු (බිරිද සමග) කාමුකව හැසිරීම ද දානයකි.” යැයි පවසා සිටියහ. එවිට ඔවුහු: ‘අල්ලාහ්ගේ දූතයාණනි, අප අතරින් කෙනෙකු ඔහුගේ කාමය සංසිදුවා ගැනීමට පැමිණෙයි. එහි දී ඔහුට කුසල් හිමි වන්නේ දැ?’යි විමසා සිටියහ. එතුමාණෝ: "c2">“තහනම් දෑහි ඔහු එය (කාමය) සංසිදුවා ගත්තේ නම් ඔබ දකින පරිදි එය බරපතල පාපයක් නොවන්නේ ද? එමෙන්ම ඔහු එය අනුමත දෑහි සංසිදුවා ගත් විට ඔහුට කුසලක් හිමි වන්නේය.” යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

අබූ දර් අල් ගිෆාරි (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. පිරිසක් නබි තුමාගෙන් මෙසේ විමසා සිටියහ. “අල්ලාහ්ගේ දූතයාණනි, ධනවත් අය ප්රතිඵල වලින් ඉදිරියට ගොස් අප අල්ලා ඇත. අප සලාත් ඉටු කරන්නාක් මෙන් ඔවුහු ද සලාත් ඉටු කරති. අප උපවාසය රකින්නාක් මෙන් ඔවුහු ද උපවාසය රකිති. ඔවුන්ගේ අවශ්යතාවන්ට අමරතව ඇති ඔවුන්ගේ ධනයෙන් ඔවුහු දානමාන (පුණ්ය කටයුතු ද සිදු) කරති. සලාතයේ හා උපවාසයේ අප හා ඔවුන් එක සමානය. නමුත් උත්තරීතර අල්ලාහ් ඔවුනට පිරිනමා ඇති දැයින් දන්දී අපට වඩා ඔවුන් ඉහළට ගොස් ඇත. නමුත් අපි දානමාන කටයුතු නොකරන්නෙමු. එවිට එතුමාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ධනයෙන් දන් දෙන සදකාවන් අතපසු වුව ද දැහැමි ක්රියාවන් තුළින් කරන සදකාවන් ඇත යැයි ඔවුනට පවසා තවදුරටත් මිනිසාට (සුබ්හානල්ලාහ් - අල්ලාහ් සුවිශුද්ධය- යැයි පවසන) සෑම තස්බීහයකම දානයක් ඇත. (අල්ලාහු අක්බර් - අල්ලාහ් අතිශ්රේෂ්ඨය- යැයි පවසන) සෑම තක්බීරයකම දානයක් ඇත. (අල්හම්දුලිල්ලාහ් - සියල පැසසුම් අල්ලාහ්ටය- යැයි පවසන) සෑම තහ්මීදයකම දානයක් ඇත. (ලා ඉලාහ ඉල්ලල්ලාහ් - නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත යැයි පවසන) සෑම තහ්ලීලයකම දානයක් ඇත. යහපත විධානය කිරීමද දානයකි. පිළිකුල් සහගත දැයින් වැළැක්වීමද දානයකි යැයි පවසා සිටියහ. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මිනිසෙකු තම තම බිරිය වෙත සංසර්ගයේ නිරත වන විට සැබැවින්ම එහි ද දානයක් ඇත. යැයි පැවසූහ. එවිට ඔවුහු ‘අල්ලාහ්ගේ දූතයාණනි, අප අතරින් කෙනෙකු ඔහුගේ කාමය සංසිදුවා ගැනීමට පැමිණෙයි. එහි දී ඔහුට කුසල් හිමි වන්නේ දැ?’යි විමසා සිටියහ. එතුමාණෝ: තහනම් දෑහි ඔහු කාමය සංසිදුවා ගත්තේ නම් එය ඔහුට පාපයක් වන්නේ ද? ඔවුහු එසේය යැයි පිළිතු දුන්නෝය. එතුමා: එමෙන්ම ඔහු එය අනුමත දෑහි සංසිදුවා ගත් විට ඔහුට කුසලක් හිමි වන්නේය යැයි පැවසූහ

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර