+ -

عَنْ أَبي مَسْعُودٍ رضي الله عنه قَالَ: قَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«إِنَّ مِمَّا أَدْرَكَ النَّاسُ مِنْ كَلاَمِ النُّبُوَّةِ الأُولَى: إِذَا لَمْ تَسْتَحْيِ فَاصْنَعْ مَا شِئْتَ».

[صحيح] - [رواه البخاري] - [صحيح البخاري: 6120]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“මුල් කාලීන නබිවරුන්ගේ ප්‍රකාශ අතරින් මිනිසා ලබා ගත් කරුණක් වනුයේ 'ඔබට ලැජ්ජ නොමැති නම්, ඔබ කැමති දෑ කරනු යන්නය."

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත] - [صحيح البخاري - 6120]

විවරණය

පෙර සිටි නබිවරුන්ගේ උපදෙස් අතරින් වූ මිනිසුන් අතර පැතිරී යන ඔවුන්ගෙන් පරම්පරාවෙන් පරම්පරාවට උරුමකම් පාන මෙම ප්‍රජාවේ ආරම්භ කාලය දක්වාම දිගුවක් ලෙස පැවත එන කරුණක් නම්, ඔබ සිදු කරන්නට කැමති දෑ ගැන අවධානයට ගන්න. ඒ අතරින් ලැජ්ජාවට පත් නොවන දෑ වී නම් ඔබ එය සිදු කරන්න. ලැජ්ජාවට පත්වන දෙයක් වී නම් එය අත්හැර දමනන්න. අශීලාචාර ක්‍රියාවන්ගෙන් වළක්වාලනුයේ ලැජ්ජාවය. කවරෙකුට ලැජ්ජාවක් නොමැත්තේ ද අශීලාචාර පිළිකුල් සහගත සෑම ක්‍රියාවකම ඔහු නිරත වෙත්වා!

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි තායිලන්ත ජර්මානු පශ්ටු ආසාමි الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية الرومانية Malagasy Oromo
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. ලැජ්ජාව සාරධර්මවල පදනම වේ.
  2. ලැජ්ජාව යනු නබිවරුන්ගේ ගුණාංගයකි. එය ඔවුන්ගෙන් උරුම වූවකි.
  3. යහපත් අලංකාර දෑ සිදු කිරීමටත්, කිලිටි අශීලාචාර දෑ අත්හැරීමටත් මුස්ලිම් පුද්ගලයකුව යොමු කරනුයේ ලැජ්ජාව ය.
  4. නවවි තුමා මෙසේ පවසයි: මෙහි දක්නට ඇති නියෝගය, අවසර සහිත නියෝගයකි. එනම්: ඔබ යමක් කරන්නට අපේක්ෂා කළ විට, එය කළේ නම් ඔබ අල්ලාහ් ගැන හෝ මිනිසුන් ගැන හෝ ලැජ්ජා නොවන්නේ නම්, එය ඔබ සිදු කරන්න. එසේ නැතිනම් එය නො කරන්න. ඉස්ලාමයේ පදනම එයයි. එය පෙන්වා දෙනුයේ, නියෝග කරනු ලැබූ අනිවාර්යය දෑ හා නිර්දේශ කරනු ලැබූ දෑ නොසළකා හැරීම ගැන ලැජ්ජාවීම හා වළක්වනු ලැබූ තහනම හා පිළිකුල් සහගත දෑ සිදු කිරීමට ලැජ්ජා වීම ය. අනුමත දෑ වනාහි, එය සිදු කිරීමට අනුමැතිය ඇති සේම අත්හැරීමට ද අවසරය ඇත. මෙම හදීසයේ මෙම නීති පහම ඇතුළත්ව ඇත. එමෙන්ම එය අවවාදාත්මක නියෝගයක් බවද සඳහන් වී ඇත. ඉන් අදහස් කරනුයේ ඔබට ලැජ්ජාවක් නොමැතිනම් ඔබ කැමති දෑ කරන්න. සැබැවින්ම අල්ලාහ් ඔබට අවසර දී ඇත යන්නය තවත් ප්‍රකාශයක් අනුව එය දැනුම් දීමේ අර්ථය සමග වූ නියෝගයකි. එනම්, ලැජ්ජාවක් නැති තැනැත්තා ඔහු කැමතිනම් එය සිදු කරනු ඇත යන්නය.
අමතර