عن أبي هريرة عبدالرحمن بن صخر الدوسي رضي الله عنه مرفوعاً: .«قال الله تعالى: أنفق يا ابن آدم ينفق عليك».
[صحيح] - [متفق عليه]
المزيــد ...
අබූ හුරෙයිරා අබ්දුර් රහ්මාන් ඉබ්න් සකර් අද්-දව්සී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “ආදම්ගේ පුතණුවනි, නුඹ වියදම් කරනු. නුඹ මත වියදම් කරනු ලැබේ.’ යැයි උත්තරීතර අල්ලාහ් පැවසීය.”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
නුඹ වියදම් කරනු. නුඹට වියදම් කරනු ලැබේ. එනම් ධනය වියදම් කිරීම හේතුවෙන් හෝ එය නිකුත් කිරීම හේතුවෙන් හෝ දිළිඳුකමට බිය නොවනු. නුඹ මසුරෙකු නොවනු. එහෙයින් නුඹ වෙනත් අය වෙනුවෙන් වියදම් කරන විට අල්ලාහ් නුඹට වියදම් කරනු ඇත. නුඹලා අබියස ඇති දෑ අවසන් වන්නේය. නමුත් අල්ලාහ් අබියස ඇති දෑ ශේෂව පවතී. මෙම හදීසය අර්ථයෙන් අල්ලාහ්ගේ තවත් ප්රකාශයක මෙසේ සඳහන් වේ. එනම් “නුඹලා කවර දෙයක් වියදම් කළ ද එය ඔබට පසුවට ලැබෙනු ඇත.” යහපත් කටයුතුවලදී වියදම් කිරීමට උනන්දු කරවීමත් අල්ලාහ්ගේ භාග්යය තුළින් පසුවට ඒවා නැවත ලැබෙන බවටත් වූ සුභාරංචිය එහි ඇතුළත් වී ඇත.