+ -

عن أبي مسعود رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال:
«إِذَا أَنْفَقَ الرَّجُلُ عَلَى أَهْلِهِ يَحْتَسِبُهَا فَهُوَ لَهُ صَدَقَةٌ».

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 55]
المزيــد ...

අබූ මස්ඌද් අල් බද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“මිනිසකු කුසල් බලාපොරොත්තුවෙන් තම පවුලට යම් වියදමක් කළ විට, එය ඔහුට දානයක් වනු ඇත.”

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 55]

විවරණය

බිරිය, දෙමව්පියන් හා දරුවන් වැනි තමන්ගෙන් යැපෙන පවුලේ වෙනත් අය වෙනුවෙන් මිනිසෙකු වියදම් කළ විට, ඔහු එමගින් උත්තරීතර අල්ලාහ්ට සමීප වීම, හා තමන් වියදම් කළ දෑ සඳහා ඔහුගෙන් ප්‍රතිඵල අපේක්ෂා කරන්නේ නම්, සැබැවින්ම 'සදකා' හෙවත් දානයේ ප්‍රතිඵල ඔහුට හිමි වේ.

හදීසයේ හරය

  1. තම පවුලට වියදම් කිරීම තුළින් කුසල් හා තිළිණ හිමි වේ.
  2. දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා, අල්ලාහ්ගේ තෘප්තිය වෙනුවෙන් ඔහු අබියස ඇති කුසල් හා ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් තම කටයුතුවල නිරත විය යුතුය.
  3. සෑම ක්‍රියාවකම දැහැමි චේතනාව ඇති කර ගත යුතුය. ඒ අතරින් පවුලට වියදම් කරන අවස්ථාව ද එයට ආතුළුවිය යුතුය.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية Yoruba الليتوانية الدرية الصربية الصومالية الطاجيكية Kinyarwanda الرومانية المجرية التشيكية الموري Malagasy ඉතාලි Kannada الولوف البلغارية Azeri الأوكرانية الجورجية المقدونية
අර්ථ කථන නිරීක්ෂණය
අමතර