عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قالَ: قالَ رَسُولُ اللَّهِ صلَّى اللَّهُ عليْه وسلَّمَ:
«دِينَارٌ أَنْفَقْتَهُ فِي سَبِيلِ اللهِ، وَدِينَارٌ أَنْفَقْتَهُ فِي رَقَبَةٍ، وَدِينَارٌ تَصَدَّقْتَ بِهِ عَلَى مِسْكِينٍ، وَدِينَارٌ أَنْفَقْتَهُ عَلَى أَهْلِكَ أَعْظَمُهَا أَجْرًا الَّذِي أَنْفَقْتَهُ عَلَى أَهْلِكَ».
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 995]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"අල්ලාහ්ගේ මාර්ගයේ ඔබ වැය කළ දීනාරයක්, වහලුන් කෙරෙහි ඔබ වැය කළ දීනාරයක්, දුගියන් වෙනුවෙන් ඔබ දානය කළ දීනාරයක්, ඔබේ පවුල වෙනුවෙන් වැය කළ දීනාරයක්. ඒවා අතරින් අතිමහත්ති ප්‍රතිඵල ගෙන දෙනුයේ ඔබ ඔබේ පවුල වෙනුවෙන් වැය කළ දීනාරයයි."
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم - 995]
වියහියදම් වර්ග කිහිපයක් පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙනෙහි කරමින් මෙසේ පැවසූහ: "අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කිරීම සඳහා ඔබ වැය කළ දීනාරයක්, වහලුන් කෙරෙහි ඔවුන් වහල්භාවයෙන් නිදහස් කිරීම සඳහා ඔබ වැය කළ දීනාරයක්, දුගියන් වෙනුවෙන් ඔවුන්ගේ අවශ්‍යතාව සඳහා ඔබ දානය කළ දීනාරයක්, ඔබේ පවුල වෙනුවෙන් වැය කළ දීනාරය්. ඒවා අතරින් අල්ලාහ් අභියස අතිමහත් ප්‍රතිඵල ගෙන දෙනුයේ ඔබ ඔබේ පවුල වෙනුවෙන් හා ඔබෙන් යැපෙන්නන් වෙනුවෙන් වැය කළ දීනාරයයි."