عن أبي هريرة رضي الله عنه قال: سئل رسول الله صلى الله عليه وسلم عن أكثر ما يُدْخِلُ الناسَ الجنة؟ قال: «تقوى الله وحسن الخلق»، وسئل عن أكثر ما يُدْخِلُ الناسَ النار، فقال: «الفم والفرج».
[إسناده حسن] - [رواه الترمذي وابن ماجه وأحمد]
المزيــد ...

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මිනිසුන් අධික ලෙස ස්වර්ගයට ඇතුළත් කරන දෑ කුමක්දැ?යි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් විමසන ලදී. එතුමා: "c2">“අල්ලාහ් පිළිබඳ බිය හැඟීමෙන් යුතුව කටයුතු කිරීම හා අලංකාර ගතිගුණ වේ” යැයි පැවසූහ. තවදුරටත් මිනිසුන් අධික ලෙස නිරයට ඇතුළත් කරන දෑ කුමක්දැ?යි එතුමාගෙන් විමසන ලදී. එවිට එතුමා: "c2">“කට හා ලිංගේන්ද්රිය” යැයි පැවසූහ.
මෙහි වාර්තා සම්බන්ධතාව හසන් ගණයට අයත්ය. - ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත.

විවරණය

ස්වර්ගයට ඇතුළත් කරවන කරුණු අතරින් වඩාත් අධික ලෙස හේතු වන කරුණු වනුයේ අල්ලාහ් පිළිබඳ වූ බිය හැඟීම හා යහපත් ගතිගුණ වේ. අල්ලාහ් පිළිබඳ බිය හැඟීම සියලුම වර්ගයේ තහනම් කරන ලද දැයින් දුරස් කරවනු ඇත. යහපත් ගතිගුණ සෙසු මැවීම් සමග වූ විටෙක අවම වශයෙන් ඔවුනට හිංසා කිරීම අතහැර දමනු ඇත. එහි උපරිමය ඔහුට නපුරක් කරන තැනැත්තා සමග යහපත් අයුරින් කටයුතු කිරීම. එමෙන්ම නිරයට ඇතුළත් කරවන කරුණු අතරින් වඩාත් අධික ලෙස හේතු වන්නේ කට සහ ලිංගේන්ද්රියයි. සැබැවින්ම මිනිසා බොහෝ විට සුවිශුද්ධ අල්ලාහ්ට විරුද්ධ වීමෙහි හා මිනිසුන්ට විරුද්ධ වීමෙහි වැටෙනුයේ මේ කාරණා දෙක හේතුවෙනි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර