عَنْ عَائِشَةَ أُمِّ المؤْمنينَ رَضيَ اللهُ عنها قَالَت:
دَخَلَتْ هِنْدٌ بِنْتُ عُتْبَةَ امْرَأَةُ أَبِي سُفْيَانَ عَلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، فَقَالَتْ: يَا رَسُولَ اللهِ، إِنَّ أَبَا سُفْيَانَ رَجُلٌ شَحِيحٌ، لَا يُعْطِينِي مِنَ النَّفَقَةِ مَا يَكْفِينِي وَيَكْفِي بَنِيَّ إِلَّا مَا أَخَذْتُ مِنْ مَالِهِ بِغَيْرِ عِلْمِهِ، فَهَلْ عَلَيَّ فِي ذَلِكَ مِنْ جُنَاحٍ؟ فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «خُذِي مِنْ مَالِهِ بِالْمَعْرُوفِ مَا يَكْفِيكِ وَيَكْفِي بَنِيكِ».
[صحيح] - [متفق عليه] - [صحيح مسلم: 1714]
المزيــد ...
මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී.
අබූ සුෆ්යාන්ගේ බිරිය වන හින්ද් බින්ත් උත්බා අල්ලාහ්ගේ දූතයාණන් වෙත පිවිස මෙසේ විමසා සිටියාය: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! සැබැවින්ම අබූ සුෆ්යාන් මසුරු මිනිසෙකි. ඔහු නොදැනුවත්ව ඔහුගේ මුදලින් මා යමක් ගත්තා නම් හැර ඔහු මට ප්‍රමාණවත් තරම් හෝ මගේ දරුවන්ට ප්‍රමාණවත් තරම් නඩත්තු මුදල් පිරිනමන්නේ නැත. එහිදී මට පවක් හිමි වනු ඇත් ද?" එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ: "ඔබට ප්‍රමාණවත් හා ඔබේ දරුවන්ට ප්‍රමාණවත් යැයි තේරෙන ප්‍රමාණයක් ඔහුගේ ධනයෙන් ඔබ ගන්න" යැයි පැවසූහ.
[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح مسلم - 1714]
හින්ද් බින්ත් උත්බා තම සැමියා වන අබූ සුෆ්යාන් පිළිබඳ තීන්දුවක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් පැතුවාය. එනම්: "සැබැවින්ම ඔහු ධනයට කෑදර මසුරු මිනිසෙකි. ඔහු නොදැනුවත්ව ඔහුගේ මුදලින් ඇය යමක් රහසින් ගත්තා නම් හැර ඔහු ඇයට ප්‍රමාණවත් තරම් හෝ ඇගේ දරුවන්ට ප්‍රමාණවත් තරම් නඩත්තු මුදල් පිරිනමන්නේ නැත. එහිදී ඇයට පවක් පිහිටන්නේ ද?" යැයි විමසා සිටියාය. එවිට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ: "ඔබට හා ඔබේ දරුවන්ට සාමාන්‍යයෙන් ප්‍රමාණවත් යැයි සිතන ප්‍රමාණයක්, ඔහු ඒ ගැන නොදැනුවත් වුව ද ගත හැකිය" යැයි පැවසූහ.