عَنْ سَهْلِ بْنِ سَعْدٍ السَّاعِدِيِّ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«رِبَاطُ يَوْمٍ فِي سَبِيلِ اللَّهِ خَيْرٌ مِنَ الدُّنْيَا وَمَا عَلَيْهَا، وَمَوْضِعُ سَوْطِ أَحَدِكُمْ مِنَ الجَنَّةِ خَيْرٌ مِنَ الدُّنْيَا وَمَا عَلَيْهَا، وَالرَّوْحَةُ يَرُوحُهَا العَبْدُ فِي سَبِيلِ اللَّهِ أَوِ الغَدْوَةُ خَيْرٌ مِنَ الدُّنْيَا وَمَا عَلَيْهَا».
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 2892]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව සහ්ල් ඉබ්නු සඃද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"අල්ලාහ්ගේ මාර්ගයේ එක් දිනක් බැඳී සිටීම මෙලොව හා ඒ මත ඇති දෑට වඩා උතුම් ය. ඔබ අතරින් කිසිවෙකුට හෝ ස්වර්ගයෙන් කසයක තරම් ප්‍රමාණයක ස්ථානයක් තිබේ ද, එය මෙලොව හා ඒ මත ඇති දෑට වඩා උතුම් ය. අල්ලාහ්ගේ මාර්ගයේ ගැත්තෙකු උදෑසන හෝ සවස පිටත්ව යෑම මෙලොව හා ඒ මත ඇති දෑට වඩා උතුම් ය."
[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 2892]
"මුස්ලිම්වරුන් හා දේවත්වය ප්‍රතික්ෂේප කරන ප්‍රචණ්ඩකාරී කාෆිර්වරුන් අතර පවතින ස්ථානයක මුස්ලිම්වරුන්ට ආරක්ෂාව සැළසීම උදෙසා අල්ලාහ් වෙනුවෙන් අවංක ව එක් දිනක් එහි රැඳී සිටීම මෙලොව හා එහි ඇති දෑට වඩා උතුම් බවත්, ස්වර්ගයේ දී අල්ලාහ්ගේ මාර්ගයේ කැප කළ කසයේ ස්ථානය මෙලොව හා එහි ඇති දෑට වඩා උතුම් බවත්, දහවල් ආරම්භයේ සිට ලුහර් වේලාව දක්වාත් ලුහර් වේලාවේ සිට රාත්‍රිය දක්වාත් අල්ලාහ්ගේ මාර්ගයේ එක්වරක් ගමන් කිරීමෙන් හිමිවන ප්‍රතිඵල හා කුසල මෙලොව හා එහි ඇති දෑට වඩා උතුම් ය." යැයි නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් පවසයි.