عن أبي هريرة رضي الله عنه أن رسول الله صلى الله عليه وسلم قال:
«مَنْ قَالَ: سُبْحَانَ اللهِ وَبِحَمْدِهِ، فِي يَوْمٍ مِائَةَ مَرَّةٍ، حُطَّتْ خَطَايَاهُ وَإِنْ كَانَتْ مِثْلَ زَبَدِ الْبَحْرِ».

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 6405]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"කවරෙක් "සුබ්හානල්ලාහි වබිහම්දිහි" යනුවෙන් දිනකට සියවතාවක් පවසා සිටියේ ද ඔහුගේ වැරදි මුහුදු පෙණ මෙන් තිබුණ ද මකාදමනු ලැබේ."

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 6405]

විවරණය

කවරෙක් දිනකට සිය වතාවක් "සුබ්හානල්ලාහි වබිහම්දිහි" යනුවෙන් පැවසුවේ ද ඔහුගේ පාපකම් මුහුදු රළ නගන විට හා කැළඹීම් ඇතිවන විට මතු වන සුදු පෙණ මෙන් බහුලව තිබුණ ද ඒවා මකා දමා සමාව දෙනු ලැබේ යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි.

හදීසයේ හරය

  1. මෙම ප්‍රතිඵලය දිනක අඛණ්ඩව හෝ කඩකඩා හෝ මෙය කියවන තැනැත්තාට හිමිවනු ඇත.
  2. තස්බීහ්: සුබ්හානල්ලාහ් යැයි පැවසීම යනු සියලු අඩුපාඩුවලින් අල්ලාහ්ව පිවිතුරු කිරීමය. තවද අල් හම්දු : අල්හම්දු ලිල්ලාහ් යැයි පැවසීම යනු ආදරය කරමින් සහ ගරුබුහුමන් දක්වමින් පූර්ණ ගුණාංගවලින් ඔහුව ගුණ ගායනා කිරීමය.
  3. මෙම හදීසයේ අදහස, එය සුළු පාපයන්ට ප්‍රතිකර්මයක් වීමය. නමුත් මහා පාපයන් වනාහි, ඒවාට තව්බා හෙවත් පශ්චාත්තාප වී පාපක්ෂමාවෙහි නිරත විය යුතුය.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (64)
අමතර