عن أبي هريرة رضي الله عنه أن رسول الله صلى الله عليه وسلم قال:
«مَنْ قَالَ: سُبْحَانَ اللهِ وَبِحَمْدِهِ، فِي يَوْمٍ مِائَةَ مَرَّةٍ، حُطَّتْ خَطَايَاهُ وَإِنْ كَانَتْ مِثْلَ زَبَدِ الْبَحْرِ».  
                        
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 6405]
                        
 المزيــد ... 
                    
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"කවරෙක් "සුබ්හානල්ලාහි වබිහම්දිහි" යනුවෙන් දිනකට සියවතාවක් පවසා සිටියේ ද ඔහුගේ වැරදි මුහුදු පෙණ මෙන් තිබුණ ද මකාදමනු ලැබේ." 
                                                     
                                                                                                    
[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح البخاري - 6405]                                            
කවරෙක් දිනකට සිය වතාවක් "සුබ්හානල්ලාහි වබිහම්දිහි" යනුවෙන් පැවසුවේ ද ඔහුගේ පාපකම් මුහුදු රළ නගන විට හා කැළඹීම් ඇතිවන විට මතු වන සුදු පෙණ මෙන් බහුලව තිබුණ ද ඒවා මකා දමා සමාව දෙනු ලැබේ යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි.