عن أبي أيوب رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال: «مَنْ قَالَ: لَا إلَهَ إلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ، وَلَهُ الْحَمْدُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ عَشْرَ مَرَّاتٍ كَانَ كَمَنْ أَعْتَقَ أَرْبَعَةَ أَنْفُسٍ مِنْ وَلَدِ إسْمَاعِيلَ».
[صحيح] - [متفق عليه]
المزيــد ...
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්රකාශ කළ බව අබූ අය්යූබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “කවරෙකු ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහු ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්’ (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. සියලු ආධිපත්යයන් අල්ලාහ් සතුය. සියලු පැසසුම් ඔහු සතුය. ඔහු සියලු දෑ කිරීමට බලය ඇත්තාය.) යැයි දස වතාවක් පවසන්නේ ද ඉස්මාඊල්ගේ දරුවන්ගෙන් සිව් දෙනෙක් නිදහස් කළ අයකු මෙන් විය.”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
දික්ර් හෙවත් මෙම යෙදුමේ දේව ඒකීයභාවය තහවුරු කිරීමක් ඇති බැවින් එහි මහිමය මෙම හදීසය පෙන්වා දෙයි. කවරෙකු මෙය හොදින් වටහා ගෙන එහි ඇති කරුණු පිළිපදිමින් දස වතාවක් පවසන්නේද ඉබ්රාහිම්ගේ පුත් ඉස්මඊල් (අලය්හිමස් සලාම්) ගේ පරපුරෙන් වහලුන් සිව් දෙනෙකු නිදහස් කළ අයට හිමි කුසල් මෙන් කුසලක් ඔහුට අත්වන්නේය.