عن معاوية بن أبي سفيان رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم : «من يُرِدِ الله به خيرا يُفَقِّهْهُ في الدين».
[صحيح] - [متفق عليه]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව මුආවියා බින් අබී සුෆ්යාන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “අල්ලාහ් කවරෙකුට යහපත පතන්නේ ද ඔහු ඔහුට දහම තුළ අවබෝධය පිරිනමනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
අල්ලාහ් කවරෙකුට හෝ යම් යහපතක් හෝ සෙතක් හෝ පතන්නේ නම් ආගමික නීති පිළිබඳ මනා දැක්මක් ඇති ඥානියෙකු බවට ඔහුව පත් කරනු ඇත. ෆික්හ් -අවබෝධය- යන පදයට යෙදුම් දෙකක් ඇත. පළමුවැන්න: නැමදුම් හා ගනුදෙනුවල නීතිරීති වැනි ප්රායෝගික ආගමික නීති පිළිබඳ විස්තරාත්මක දැනුමයි. දෙවැන්න: පොදු ආගමික දැනුමයි. එහි දේව විශ්වාසයේ මූල ධර්ම, ඉස්ලාම්හි පිළිවෙත්, හලාල් හා හරාම් පිළිබඳ දැනුම, සදාචාරය හා විනය අන්තර්ගත වේ.