عن أبي هريرة رضي الله عنه مرفوعاً: «لا يَقُلْ أحدُكم: اللهم اغفِرْ لي إن شِئْتَ، اللهم ارحمني إن شِئْتَ، لِيَعْزِمِ المسألةَ، فإن الله لا مُكْرِهَ له». ولمسلم: «وَلْيُعَظِّمِ الرَّغْبَةَ، فإن الله لا يَتَعَاظَمُه شيءٌ أعطاه».
[صحيح] - [متفق عليه]
المزيــد ...

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. ඔබ අතරින් කිසිවකු හෝ ‘අහෝ දෙවියනි! ඔබ අභිමත කළේ නම් මට සමාව දෙනු මැනව. අහෝ දෙවියනි! ඔබ අභිමත කළේ නම් මට කරුණා කරනු මැනව යැයි නොපැවසිය යුතුයි. ඔහු පතන පැතුමෙහි ස්ථීරව සිටිතවා! සබැවින්ම අල්ලාහ් එය පිළිකුල් කරන්නෙකු නොවේ.” මුස්ලිම්හි සඳහන් වාර්ථාවක: ‘අපේක්ෂා කරන දෑ අවධාරනයෙන් ඉල්ලා සිටිය යුතුයි. සැබැවින්ම අල්ලාහ් ඔහුට පිරිනමන කිසිවක් ඔහුට ඉමහත් දෙයක් නොවනු ඇත.’
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

සියලුම ගැත්තන් අල්ලාහ් වෙත අවශ්යතා ඇත්තන් ලෙස සිටියදී අල්ලාහ් තමන් අපේක්ෂා කරන දෑ සිදු කරන, ප්රශංසාලාබී පොහොසතෙකු වන්නේය. කවරෙකු ප්රාර්ථනා කරන්නට අපේක්ෂා කළේ ද අල්ලාහ්ගෙන් වූ සමාව හා කරුණාව පැතීමෙහි ඔහුගේ අභිමතය සමග සම්බන්ධ කිරීම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තහනම් කළහ. කිසිවක් සම්බන්ධ කිරීමකින් තොරව ස්ථීර ලෙස ප්රාර්ථනා කරන මෙන් එතුමා නියෝග කළහ. සැබැවින්ම අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කිරීමෙහි ඔහුගේ අභිමතය සමග සම්බන්ධ කිරීමෙන් ඔහුගේ මැවීම්වල කිසියම් අවශ්යතාවක් සපුරාලීමට ඔහු අසීරුවෙන් සිටින බව හෝ එය ඉටු කර දීමට යමක් ඔහුට බල කරන බව හැඟීමක් ඇති කරනු ඇත. එය සත්යයට පටහැනිය. එමෙන්ම පැතීමේදී ගැත්තාගේ මන්දකාමී භාවය හා තම පරමාධිපති තමන්ට අවශ්ය නොවන බවද එය අඟවනු ඇත. ඇහි පිය ගසන තරමට හෝ අල්ලාහ්ගෙන් ඈත්ව සිටීම ඔහුට සුදුසු නොවේ. එය ප්රාර්ථනාවෙහි ජීවය වන බැගෑපත්භාවය නැති කර දමනු ඇත. එසේ අල්ලාහ්ව තේරීමට පත් කිරීම ඔහුට සුදුසු කරුණක් නොවන්නේය. එමෙන්ම තෝරන තෙක් බලකරනු ලැබීම ද ඔහුට සුදුසු නොවන්නේය. එබැවින් ප්රාර්ථනා කිරීමේදී අවධාරණය කරමින් ප්රාර්ථනා කරන මෙන් ද කුඩා වුව ද විශාල වුව ද තමන් අභිමත කරන යහපත අල්ලාහ්ගෙන් පතන මෙන් ද අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) නියෝග කළහ. සැබැවින්ම අලලාහ් තමන් පිරිනැමීමට අපේක්ෂා කරන කිසිවක් ඔහුට අසීරු කාර්යයක් නොවෙයි. පතන්නාගේ අවශ්යතාව ඔහුට බරක් නොවෙයි. සැබැවින්ම මෙලොවෙ මෙන්ම මතුලොව හිමිපාණන් ඔහුය. ඒ දෙකෙහිම ක්රියාකාරකම් පොදු ක්රියාකාරකම් වන්නේය. ඔහු සියලු දෑ කෙරෙහි සර්වබලධාරීය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර