1. මුල් පිටුව
  2. සංස්කරණ
  3. මහිමයන් සහ ආචාරධර්ම

නබි වදනක් “නුඹලා සුළඟට දොස් නොකිනු. නුඹලා පිළිකුල් කරන දෙයක් දුටු විට اللَّهُمَّ إِنَّا نَسْأَلُكَ مِنْ خَيْرِ هَذِهِ الرِّيحِ وَخَيْرِ مَا فِيهَا وَخَيْرِ مَا أُمِرَتْ بِهِ، وَنَعُوذُ بِكَ مِنْ شَرِّ هَذِهِ الرِّيحِ وَشَرِّ مَا فِيهَا وَشَرِّ مَا أُمِرَتْ بِهِ ‘අල්ලාහුම්ම ඉන්නා නස්අලුක මින් කයිරි හාදිහිර් රීහි, වකයිරි මා ෆීහා වකයිරි මා උමිරත් බිහී. වනඌදු බික මින් ෂර්රි හාදිහිර් රීහි වෂර්රි මා ෆීහා වෂර්රි මා උමිරත් බිහී.’ (අහෝ අල්ලාහ්! මෙම සුළගේ යහපත ද එහි තුළ ඇති යහපත ද එයට කවර කරුණක් නියෝග කරනු ලැබ ඇත්තේ ද එහි යහපත ද මම ඔබෙන් පතමි. එමෙන්ම මෙම සුළගේ හානියෙන් ද එහි තුළ ඇති හානියෙන් ද එයට කවර කරුණක් නියෝග කරනු ලැබ ඇත්තේ ද එහි හානියෙන් ද මම ඔබෙන් ආරක්ෂාව පතමි.) යනුවෙන් පවසනු

عَنْ أُبَيِّ بْنِ كَعْبٍ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ:
«لاَ تَسُبُّوا الرِّيحَ، فَإِذَا رَأَيْتُمْ مَا تَكْرَهُونَ فَقُولُوا: اللَّهُمَّ إِنَّا نَسْأَلُكَ مِنْ خَيْرِ هَذِهِ الرِّيحِ وَخَيْرِ مَا فِيهَا وَخَيْرِ مَا أُمِرَتْ بِهِ، وَنَعُوذُ بِكَ مِنْ شَرِّ هَذِهِ الرِّيحِ وَشَرِّ مَا فِيهَا وَشَرِّ مَا أُمِرَتْ بِهِ».

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව උබෙයි ඉබ්නු කඃබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“නුඹලා සුළඟට දොස් නොකිනු. නුඹලා පිළිකුල් කරන දෙයක් දුටු විට اللَّهُمَّ إِنَّا نَسْأَلُكَ مِنْ خَيْرِ هَذِهِ الرِّيحِ وَخَيْرِ مَا فِيهَا وَخَيْرِ مَا أُمِرَتْ بِهِ، وَنَعُوذُ بِكَ مِنْ شَرِّ هَذِهِ الرِّيحِ وَشَرِّ مَا فِيهَا وَشَرِّ مَا أُمِرَتْ بِهِ ‘අල්ලාහුම්ම ඉන්නා නස්අලුක මින් කයිරි හාදිහිර් රීහි, වකයිරි මා ෆීහා වකයිරි මා උමිරත් බිහී. වනඌදු බික මින් ෂර්රි හාදිහිර් රීහි වෂර්රි මා ෆීහා වෂර්රි මා උමිරත් බිහී.’ (අහෝ අල්ලාහ්! මෙම සුළගේ යහපත ද එහි තුළ ඇති යහපත ද එයට කවර කරුණක් නියෝග කරනු ලැබ ඇත්තේ ද එහි යහපත ද මම ඔබෙන් පතමි. එමෙන්ම මෙම සුළගේ හානියෙන් ද එහි තුළ ඇති හානියෙන් ද එයට කවර කරුණක් නියෝග කරනු ලැබ ඇත්තේ ද එහි හානියෙන් ද මම ඔබෙන් ආරක්ෂාව පතමි.) යනුවෙන් පවසනු.

صحيح رواه الترمذي سنن الترمذي - 2252

විවරණය

සුළඟට දොස් නැගීම හෝ ශාප කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තහනම් කළහ. සැබැවින්ම එය එහි මැවුම්කරුගේ නියෝගය මත ක්‍රියාත්මක වන්නකි. එය ආශිර්වාදය හෝ දඬුවම හෝ ගෙන දෙනු ඇත. එයට දොස් නැගීම එහි මැවුම්කරුවන දෙවියන් වහන්සේට දොස් නැගීමක්, ඔහුගේ නියමය කෙරෙහි කෝපවීමක් වන්නේය. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එහි මැවුම්කරු අල්ලාහ් වෙත යොමුවන්නට මග පෙන්වූහ. එය එහි යහපත, එහි තුළ ඇති යහපත හා එය කවර කරුණක් සඳහා එවනු ලබන්නේ ද එහි යහපත එනම් වර්ෂාව ගෙන දීම,බීජ ව්‍යාප්ත කිරීම යනාදී යහපත පැතීමෙන් හා එහි අයහපත, එහි තුළ ඇති අයහපත හා එය කවර කරුණක් සඳහා එවනු ලැබුවේ ද එහි අයහපත, එනම් ගහකොළ පැළෑටි විනාශ වී යාම, ගොවිපළ සතුන් විනාශ වී යාම හා ගොඩනැගිලි කඩා වැටීම වැනි අයහපත් දැයින් ආරක්ෂාව පැතීමෙනි. මෙලෙස අල්ලාහ්ගෙන් අයැද සිටීම අල්ලාහ් වෙනුවෙන් වන ගැතිභාවය සහතික කරනු ඇත.

හදීසයේ හරය

  1. සුළඟට බැණ වැදීමෙන් වැළකීම. මක්නිසාදයත් සැබැවින්ම එය සැළසුම් කරන ලද මැවීමක් වන බැවිනි. එසේ දොස් නැගීම එහි මැවුම්කරු හා එහි සැළසුම්කරු වෙත යොමු කරනු ලබන්නක් වනු ඇත. එය දේවත්වය ඒකීයකරණයේ ඌනතාවයකි.
  2. අල්ලාහ් වෙත යොමු වීම ඔහු මැවූ දෑහි හානියෙන් ඔහුගෙන් ආරක්ෂාව පැතීම.
  3. සුළඟ ඇතැම් විට යහපත නියම කරන අතර ඇතැම් විට නපුර නියම කරනු ඇත.
  4. බින් බාස් තුමා මෙසේ පවසයි: සුළඟට දොස් කීම පාපකම්හි එකතුවකි. මක්නිසාද යත් සැබැවින්ම එය යහපත හා අයහපත ගෙන දෙන සැළසුම් සහගත මැවීමක් වන බැවිනි. එබැවින් එයට දොස් නැගීම සුදුසු නැත. "අල්ලාහ් සුළඟ විනාශ කරත්වා! අල්ලාහ් සුළඟ නැති කරත්වා! මෙම සුළඟෙහි අල්ලාහ් අභිවෘද්ධිය තබා නැත' යනාදී ලෙස නො පැවසිය යුතු ය. නමුත් දේවත්වය විශ්වාස කළ මුඃමින්වරයකු ක්‍රියා කළ යුත්තේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔහුට මග පෙන්වූ ආකාරයෙනි.
  5. උණුසම, සීතල, හිරු රෂ්ණය, දූවිලි නැගීම යනාදී අල්ලාහ් මැවූ හා ක්‍රියාත්මක කරන අනෙකුත් ස්වභාවික දෑ සම්බන්ධයෙන් ද සුළඟට දොස් කීම හෝ බැණ වැදීම තහනම් යන කරුණ සසඳා ක්‍රියා කළ යුතු වේ.

අර්ථ කථන නිරීක්ෂණය

47 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
PRS دری الدرية
SR Српски الصربية
RO Română الرومانية
HU Magyar المجرية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية