عن أبي أمامة -رضي الله عنه- مرفوعاً: قيل لرسول الله -صلى الله عليه وسلم-: أيُّ الدعاء أسمع؟ قال: «جَوْفَ الليل الآخِر، ودُبُر الصلوات المكتوبات».
[حسن.] - [رواه الترمذي.]
المزيــد ...

අබූ උමාමා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. වඩාත් සවන් දෙනු ලබනුයේ කවර ප්රාර්ථාවකට ද? යැයි අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් විමසන ලදී.එවිට එතුමා, “රාත්රිය අවසානයේ, මධ්යස්තභාගයේ හා අනිවාර්යය සලාතයන්ට පසුව ඉල්ලන ප්රාර්ථනාව“ යැයි පවසා සිටියහ.
හසන් ගණයට අයත් හදීසයකි. - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.

විවරණය

පිළිතුරු දෙනු ලැබීමට වඩාත් සමීප ප්රාර්ථනාව කුමක්දැයි නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගෙන් විමසන ලදී. එවිට සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා, “රාත්රිය අවසාන භාගයේ හා අනිවාර්යය සලාතයන් අවසානයේ පතන ප්රාර්ථනාව“ යැයි පැවසූහ. සලාතයට පසුව යන්නෙන් අදහස් කරනුයේ සලාමයට පෙර ප්රාර්ථනා කිරීමය. මෙය ආරම්භයට විරුද්ධවූවකි. නමුත් සලාතය නිමා වූ පසු ඇතැම් මෙනෙහි කිරීම් අල්ලාහ් වෙන් කර ඇතැයි ද නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා තෂහ්හුද් හා සලාම් අතර ප්රාර්ථනාවන් කර ඇතැයි ද එය තහවුරු කරයි. අනිවාර්යය සලාතයෙන් පසුව එමෙන්ම අතිරේක සලාතයෙන් පසුව ප්රාර්ථනාවන් සුරක්ෂිතව පිළිපැදීම සුන්නාවක් නොවන්නේය. එය නවක බිහි වූ බිද්අත් ක්රියාවකි. හේතුව එසේ සුරක්ෂිතව පිළිපැඳීමට සුන්නාව වනුයේ සාමාන්ය පරිදි පෙන්වා දී ඇති ප්රාර්ථනාවන්ය. සලාතයෙන් පෙර පවසන දික්ර් වුව ද ඉන් පසු පවසන දික්ර් වුව ද එක සමානය. ඇතැම් විට එසේ ප්රාර්ථනා කිරීම වරදක් නැත. නමුත් වඩාත් උචිත වනුයේ එය අතහැර දැමීමය. හේතුව සලාතයෙන් පසුව දික්ර් කිරීම හැර වෙන කිසිවක් අල්ලාහ් ආගමානුගත කර නැත. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා සිටියි “ඔබ සලාතය නිමා කළ විට, අල්ලාහ්ට දික්ර් කරන්න.“ එමෙන්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා සලාතයෙන් පසුව ප්රාර්ථනා කරන මෙන් පෙන්වා දුන්නේ ද නැත. එතුමා පෙන්වා දී ඇත්තේ අත්තහය්යාත්හි තෂහ්හුද් ප්රකාශයෙන් පසුව සලාමයට පෙර ප්රාර්ථනාවන් කරන මෙන්ය. මෙය සවනට ඇසුණාක් මෙන්ම එහි නිවැරැදි දැක්ම ද එය වේ. හේතුව සලාතය ඉටු කරන්නා තම පරමාධිපතිට ප්රාර්ථනා කළ යුත්තේ සලාතයෙන් හැරී යාමට පෙර අල්ලාහ් සමග සම්බන්ධකම් පවත්වා ගෙන සිටින මොහොතේදීය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පාඤ්ඤ තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් හින්දි වියට්නාම
අර්ථ කථන නිරීක්ෂණය